Thursday, January 01, 2026
Follow Us
ආයතන කිහිපයක් කෝප් කමිටුව හමුවට කැඳවයි

ආයතන කිහිපයක් එළඹෙන දිනවලදී පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුවට කැදවා තිබෙනවා.

පසුගිය සභාවාරයේදී කැඳවීමට නියමිතව තිබූ එහෙත් කැඳවීමට නොහැකි වූ ආයතන ද මේ අතර වන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව භූ විද්‍යාව හා පතල් කැණීම් කාර්යාංශය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, පරිසර ආරක්ෂණ අධිකාරිය, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව සහ අපනයන සංවර්ධන මණ්ඩලය ද කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතයි.

9 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයට අදාළව නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් ඉකුත්දා නැවත තේරී පත්වුණා.

(Neth)