Thursday, January 01, 2026
Follow Us
රන්ජන් රාමනායක දේශපාලන පළිගැනීම් සොයා බලන විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක දේශපාලන පිළිගැනීම් පිළිබද සොයා බලන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, ප්‍රකාශ සටහන් කර ගැනීම සදහා හිටපු මන්ත්‍රීවරයා අද සිට ලබන 19 වනදා දක්වා එම කොමිෂන් සභාවේ පොලිස් විමර්ශණ ඒකකය වෙත ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට කළ නියෝගයකට අනුවයි.

ඒ අනුව අද දිනයේ බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ හා බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාව යටතේ රංජන් රාමනායක විශේෂ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

සිරදඩුවමට ලක්ව සිටින රංජන් රාමනායක රදවා සිටින්නේ වැලිකඩ බන්ධනාගාර රෝහලේයි.


(Neth)