ලබන 22 වනදා සිට 25 වනදා දක්වා දිනවල පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර තිබෙනවා.
ඒ, අද රැස් වූ පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමේදීයි. 22 වනදා නිෂ්පාදන ද්‍රව්‍ය තැරුව්කරුවන්ට බලපත්‍ර දීමේ පනත යටතේ රෙගුලාසි සහ රබර් නැවත වගා කිරීමේ සහනාධාර පනත යටතේ රෙගුලාසියක් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිතව තිබෙනවා.
විපක්‍ෂය විසින් ඉදිරිපත් කරනු ලබන කල්තැබීමේ යෝජනාවක් 23 වන දිනය පුරා විවාදයට ගැනීමටයි අද රැස් වූ පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමේදී තීරණය කර ඇත්තේ. වනසත්ව හා වෘක්‍ෂලතා ආඥා පනතට ගෙන එන සංශෝධනයක් ලබන 24 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ඉකුත් සමයේ අභාවප්‍රාප්ත වූ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු වෙනුවෙන් ශෝක යෝජනා ලබන 25 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
(Neth)