Wednesday, July 16, 2025
Follow Us
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ හදිසි සාකච්ඡාවක් කැඳවයි

ආණ්ඩුව නියෝජනය කරන හවුල්කාර පක්ෂවල තවත් සාකච්ඡාවක් හෙට පැවැත්වෙනවා.

රට ගොඩනැගීම සඳහා එම පක්ෂ විසින් සකස් කරන ලද යෝජනාවලිය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

අදාළ යෝජනාවලිය ලබන මාර්තු මස 02 වනදා රජයට භාරදීමට නියමිතව තිබෙනවා. ආණ්ඩුවේ ඇතැම් හවුල්කාර පක්ෂවල නියෝජිතයින් සිදුකරන විවේචන සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ ආණ්ඩුව විවේචනය කරන්නේ නම් විපක්ෂයේ සිට එය සිදුකළ යුතු බවයි.

කොතරම් විවේචන එල්ල වුවද, ආණ්ඩුවක් ගෙන යාමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අවශ්‍ය නොවන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

(Neth)