Thursday, January 01, 2026
Follow Us
රන්ජන් රාමනායක ගැන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්ගෙන් ප්‍රකාශයක්

සිරගත කොට ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනප්‍රිය නළු රංජන් රාමනායක වැලිකඩ බන්ධනාගාරය තුළ සුවසේ අධ්‍යාපන කටයුතු වල නියැලී සිටින බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය ප්‍රකාශ කර සිටියා.

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා බදුල්ල බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට පැමිණ සිටියා.

එහිදී පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රංජන් රාමනායකට අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා තාක්ෂණ උපකරණ ලබාදී ඇති බවත් ඔහු බන්ධනාගාරය නිළධාරීන්ගේ අධික්ෂණය යටතේ අධ්‍යාපන කටයුතු කරගෙන බවත් සඳහන් කළේ.


(Neth)