මින් ඉදිරියට රට තුල ක්‍රියාත්මක කෙරෙණ සංවර්ධන ව්‍යාපෘතී වල යෝග්‍යතාව හා ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකව යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.
2025 සිට නිදහස් උළෙල ප්‍රභූන් වෙනුවෙන් නොව මහජනතාව වෙනුවෙන් පමණයි.
• සිහි කැදවීම් මායිම් නොකර නිල නිවාස තබාගෙන සිටින සැමට නීතිය ක්‍රියාත්මක කරන්න
• හිටපු අමාත්‍ය අමරවීර භාවිත කළ නිල නිවාසය සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට
මින් ඉදිරියට රට තුල ක්‍රියාත්මක කෙරෙණ සංවර්ධන ව්‍යාපෘතී වල යෝග්‍යතාව හා ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකව යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.
දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම භාරගන්නා බවත්, රජයක් ලෙස ඊට අවශ්‍ය මැදිහත් වීම සිදුකරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.
දරුවන්ට සුරක්ෂිත, ආරක්ෂාකාරී රටක් බිහි කිරීම වෙනුවෙන් අවශ්‍ය මැදිහත් වීම සිදු කරන බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා ය.
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීම සහ ඇප මුදල් තැන්පත් කිරීම අද (11 වැනිදා) මධ්‍යහන 12.00 ට අවසන් වන බව මැතිවරණ කොමසෙම් සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැවසීය.
2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ දිනය දීර්ඝ කර තිබේ.
අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබේ.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (04) ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව සඳහා ලබා දී තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවි වහාම ආරක්ෂක අමාත්‍යාංශයට භාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය නිලධාරීන් ප්‍රකාශ කර සිටි.
පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අය සඳහා ජාතික මැතිවරණවලදී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.
පසුගිය ජනාධිපතිවරණ කාල සීමාවේ දී දේශපාලන පක්ෂ/අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන අයුරින් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබු යම් යම් වැඩසටහන්/ව්‍යාපෘති සහ ජනතා සහන ලබාදීම් මැතිවරණ කොමිෂන් සභාව විසින් අත්හිටුවීමට කටයුතු කළ ද මේ වන විට ජනාධිපතිවරණ කාල සීමාව අවසන් ඇති හෙයින් එකී වැඩසටහන්/ව්‍යාපෘති හා ජනතා සහන ලබාදීම් වැනි කාර්යයන් ක්‍රියාත්මක කිරීම සඳහා නැවත මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය අවශ්‍ය නොවන බවට මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පළාත් 09 සඳහා නව ආණ්ඩුකාරවරු අද (25) පත් කර තිබේ.
අද පත් කෙරුණු නව ආණ්ඩුකාරවරුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.
01- හනීෆ් යූසුෆ් මහතා - බස්නාහිර පළාත් ආණ්ඩුකාර
02- සරත් බණ්ඩාර සමරසිංහ අබයකෝන් මහතා - මධ්‍යම පළාත් ආණ්ඩුකාර
03- බන්දුල හරිස්චන්ද්‍ර මහතා - දකුණු පළාත් ආණ්ඩුකාර
04- තිස්ස කුමාරසිරි වර්ණසූරිය මහතා - වයඹ පළාත් ආණ්ඩුකාර
05- වසන්ත කුමාර විමලසිරි මහතා - උතුරු මැද පළාත් ආණ්ඩුකාර
06- නාගලිංගම් චේතනායහන් මහතා - උතුර පළාත් ආණ්ඩුකාර
07- ජයන්ත ලාල් රත්නසේකර මහතා - නැගෙනහිර පළාත් ආණ්ඩුකාර
08- චම්පා ජානකී රාජරත්න මහත්මිය - සබරගමුව පළාත් ආණ්ඩුකාර
09- කපිල ජයසේකර මහතා - ඌව පළාත් ආණ්ඩුකාර
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
තැපැල් ඡන්ද කැඳවීම අද (10) මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අදින් (04) ආරම්භ කිරීමට නියමිතයි.
සෑම ක්ෂේත්‍රයකම ව්‍යුහාත්මක වෙනස්කම් කිරීමට පෙර ආර්ථිකය ස්ථාවර මට්ටමක් දක්වා ඔසවා තැබීම අවශ්‍ය බවට අප විශ්වාස කරන බවත් ඒ වෙනුවෙන් දිගු කාලීන හා මධ්‍ය කාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමට පෙර, අනුගමනය කළ යුතු කඩිනම් ආර්ථික ක්‍රියාමාර්ග ඔස්සේ කෙටි කාලීන ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට අප කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මහ මැතිවරණය - 2024 ට අදාළව නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා ජන අරගල සංධානය නාම යෝජනා භාර දීම අද (09) උදැසන සිදුවිය.
හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් තිදෙනෙක් අද (02) මව්බිම ජනතා පක්ෂය සමග එක්වුණි.
මෙරට යහපත් මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම නව රජයේ බලාපොරොත්තුව බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය ප්‍රකාරව බුදුදහම ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු කටයුතු සිදු කිරීමට නව රජය බැඳී සිටින බවත් ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
Page 17 of 550