Political
- මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන යෝජනාව කඩිනමින්
- මැති ඇමැති සැප වාහන වෙන්දේසි කර භාණ්ඩාගාරයට සල්ලි ගේනවා
- ආණ්ඩුවක් තියෙන්නේ ඥාතීන්ට-හිතවතුන්ට බෙදාගන්න නොවෙයි
හොරු ඇල්ලීම නිශ්චිත ක්‍රමවේදයක් මත සිදුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (19) කළුතර, කටුකුරුදේ පැවති ජනතා හමුවක් අමතමිනි.
මෙවැනි ආණ්ඩුවක් ඉතිහාසයේ හැදෙන්නෙ නැති බව ද ප්‍රකාශ කළ ජනාධිපතිවරයා මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන යෝජනාව ඉක්මනින් පාර්ලිමේන්තුවට ගෙන එන බව ද පැවසීය. මැති ඇමැතිවරුන්ට තිබෙන සැප වාහන වෙන්දේසි කර භාණ්ඩාගාරයට මුදල් රැගෙන එන බව ද මෙහිදී පැවසූ ජනාධිපතිවරයා වර්තමාන ඇමැතිවරුන් සුඛෝපභෝගී වාහන, ඇමැති මන්දිර පාවිච්චි නොකරන බව ද කීය.
ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, නුවර ජනාධිපති මන්දිරය හැර අනෙකුත් ඒවා පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත්කරන බව මෙහිදී සඳහන් කළ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මෙතෙක් සිටි පාලකයන් මහජන මුදල් අයුතු ලෙස භාවිත කරමින් සැප වින්ද බව ද කීය. ජනතාවට මේ දේශපාන වෙනස අවශ්‍ය බව ද පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ක්‍රියා කරන බව ද කීය. වැටෙන්න පුළුවන් පතුලටම වැටුණු රටක් ජාතික ජන බලවේගය භාරගත් බව ද එම රට ගොඩනැඟීමට පියවරෙන් පියවර ජාතික ජන බලවේගය කටයුතු කරන බව ද සඳහන් කළේය.
රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනැගීමේදී ඉන්දියාව ඉතා වැදගත් බව ද කී ජනාධිපතිවරයා වත්මන් ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව ඉන්දියාව සමඟ සබඳතා තව තවත් ශක්තිමත් කර ගැනීමට කටයුතු කළ බව ද පැවසීය. ආසන්න වශයෙන් රුපියල් දහ ලක්ෂ විසිදහසක ආධාරයක් චීනයෙන් ලැබුණ බව ද පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙමඟින් ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමට සහ පොදු සේවාවන් වර්ධනය කිරීමට ඒ මුදල් යොදවන බව ද පැවසීය.
“බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවට වඩා අලුත් ප්‍රදර්ශන සහ සම්මන්ත්රණ ශාලාවක් කොළඹ වරාය නගරයේ ඉදිකිරීමට මූල්‍යමය ආධාරයක් ද චීනය ලබා දෙනවා. එය ඉක්මනින්ම අප පටන් ගන්නවා. එමඟින් ජාත්‍යන්තර සමුළු පැවැත්වීමේ කේන්ද්‍රයක් නිර්මාණය කරන්න පුළුවන්. මේ රට ගොඩනැඟීමට අවශ්‍ය ජාත්‍යන්තර සම්බන්ධතා ශක්තිමත් කිරීමට අප කටයුතු කරනවා. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා මේ වනවිට මැදපෙරදිග කලාපයෙන් අපට ආරාධනා ලැබී තිබෙනවා. ආණ්ඩු ආණ්ඩු අතර එකඟතාවකින් තෙල් ගන්න පුළුවන්ද කියා සාකච්ඡා කරමින් තිබෙනවා” යැයිද මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
Dinamina
-
Details
-
Political
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා රාමනාදන් මහතා මහතාට සභාව ඇමතිමට කාලය ලබා නොදීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බවත් එය විපක්ෂයේ වරදක් බවත් සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා අද(23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
-
Details
-
Political
වෙළඳපොළේ පවතින රතු සහල් හිඟය පසුගිය රජයන් විසින් සිදු කර තිබෙන ක්‍රියාවන් බව වෙළඳ,වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කළේය.
-
Details
-
Political
ඖෂධ නියාමන අධිකාරිය තුළ පසුගිය වකවානුවේදී සිදුව ඇති වංචා දූෂණ සම්බන්ධයෙන් විමර්ශන නිසි පරිදි සිදුවන බවත් නැවත එවැනි වංචා දූෂණ ඇතිවීම වැළැක්වීම මෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කාර්ය විධිමත් හා කඩිනම් කිරීම වෙනුවෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද(07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
-
Details
-
Political
පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා දෛනිකව අය කළ මුදල රුපියල් 2000ක් දක්වා ඉහළ දැමීමට අද (23) පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.
-
Details
-
Political
ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක වැඩසටහනට රුපියල් ලක්ෂ 70ක් වියදම් වූ බවට සිදු කරන ප්‍රකාශය අසත්‍යක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
-
Details
-
Political
පාර්ලිමේන්තුව 2025 ජනවාරි 7 වැනිදා සිට 10 වැනිදා දක්වා රැස්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2024.12.31 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ බව තීරණය වී තිබේ.
-
Details
-
Political
රාජ්‍ය සේවයේ උසස් නිලධාරීන්ට ලබාදෙන වාහන බලපත් අහෝසි කිරීමට රජය කිසිඳු ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නැති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද(23) පාර්ලිමේන්තුවේදී පැවසීය.
-
Details
-
Political
මහ කන්නය සදහා පොහොර සහනාධාරය ලෙස රුපියල් 25000ක් සහ රතුකුඩු පොහොර නොමිලේ ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළා ය.
ගොවීන් සදහා පොහොර සහනාධාරය ලබා දීමට රජයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඊයේ (08) පාර්ලිමේන්තු විවාදයේදී මතු වූ ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවා ය.
ඒ ඒ දිස්ත්‍රික්ක සඳහා පොහොර සහනාධාරය ලබා දිය යුතු කාල වකවානුව 2024 ඔක්තෝබර් පළවෙනි සිට 2025 පෙබරවාරි පළමුවනදා දක්වා බවත් ඒ සඳහා රුපියල් 25000ක පොහොර සහනාධාරය රුපියල් 15000ක වාරිකයක් සහ රුපියල් 10000ක වාරිකයක් වශයෙන් අදියර දෙකකදී ලබා දීමට කටයුතු කරන බව අගමැතිනිය පෙන්වා දුන්නාය.
මේ වනවිට රුපියල් 15000ක පළමු වාරිකය ලබා දීලා තිබෙන අතර ගොවීන්ගේ පොහොර අවශ්‍යතාවය සපුරාලීම සඳහා සාධනීය සහ විධිමත් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කර තිබෙන බවත් ඒ සඳහා මේ වනවිට ගොවි සංවිධාන මගින් අදහස් ලබා ගනිමින් පවතින බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවා ය.
කුඹුරු ඉඩම් වල වී වගා කරන ගොවීන් සඳහා ලබා දෙන මූල්‍ය සහනාධාරයට අමතරව මියුරියේට් ඔෆ් පොටෑෂ් මෙට්‍රික් ටෝන් 25239 දශම හතයි තුනක ප්‍රමාණයක් රජය විසින් නොමිලේ ලබාදීමට මේ වන විට සැලසුම් කර ඇති බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
-
Details
-
Political
2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ විවාදය (අයවැය විවාදය) 2025 පෙබරවාරි 18 සිට මාර්තු 21 දක්වා පැවැත්වීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) පාර්ලිමේන්තුවේදී පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
-
Details
-
Political
ජාතික ජන බලවේගයේ රජයක් බලයට පත් වුවහොත් ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර පැවැත්වීම නවත්වන බවට තමා ප්‍රකාශ කළැයි කියමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කළ අපහාසයට රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය ගොනුකර ඇති නඩුවේ උත්තර බැඳීම ලබන ජුනි 03 වැනිදාට සිදු කරන ලෙස කොළඹ දිසා විනිසුරු මහේෂා ද සිල්වා මහත්මිය වගඋත්තරකාර පාර්ශ්වයට ඊයේ (21) නියම කළාය.
-
Details
-
Political
2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
-
Details
-
Political
මාධ්‍යයට වාරණ පැනවීමට නව රජයට කිසිදු අදහසක් නොමැති බවත්, ජනතාව වෙනුවෙන් මාධ්‍ය නිසිලෙස මෙහෙයවීමේ වගකීම රජය ඉටු කරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
-
Details
-