Saturday, March 22, 2025
Follow Us
අලුතින් සතොස 150ක ජාලයක්

අලු­තින් සතොස වෙළඳ මධ්‍ය­ස්ථාන 150ක් පිහි­ටු­වී­මට රජය තීර­ණය කර ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුර­ක්ෂි­තතා සහ සමු­ප­කාර සංව­ර්ධන ඇමැති වසන්ත සම­ර­සිංහ මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (19) පැව­සීය.

වෙළ­ඳ­පොළ සමී­ක්ෂ­ණ­යක් කර අලු­තින් ඉදි­කළ යුතු වෙළ­ඳ­සැල් කුමන ස්ථාන­වල ඉදි­කළ යුතුද යන්න හඳුනා ගන්නා බව ද වසන්ත සම­ර­සිංහ මහතා සඳ­හන් කළේය.

වත්මන් ආණ්ඩුව සතොස ආය­ත­නය භාර ගන්නා විට රුපි­යල් කෝටි 2,200ක පාඩු­වක් සිදුව තිබූ බව ද  ඇමැතිවරයා පෙන්වා දුන්නේය.