මහ මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන අතර ඊට පසු එළැඹෙන නිහඬ කාල සීමාව තුළ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු නොකළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරයි.
පළමු අයවැය ලේඛනයෙන්ම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අනුව එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ සහ උප සභාපතිවරයාගේ නම් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගිය 8 වැනිදා ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව කොළඹ තන්ත්‍රීගේ නිශාන්ත පෙරේරා සභාපතිවරයා ලෙසත්, වාගොඩ පතිරගේ සුමිත් චන්දන උප සභාපතිවරයා ලෙසත් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව වෙනුවෙන් නම්කර ඇත.
ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්ෂ 08ක් සහ එක් ස්වාධීන කණ්ඩායමක් පමණක් නාම යෝජනා භාරදී තිබුණි.
ඉන් සමස්ත ඡන්ද 17,295ක් ලබාගනිමින් ජාතික ජන බලවේගය පක්ෂය ජයග්‍රහණය කිරීමට සමත් වූයේ මන්ත්‍රී ධුර 15ක් හිමි කර ගනිමින්ය.
ඊට අමතරව දෙවැනි ස්ථානයට පත් වූ සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 6ක්, තෙවැනි ස්ථානයට පත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුර 3ක්ද ඇතුළුව තවත් පක්ෂ කිහිපයක් හා ස්වාධීන කණ්ඩායම වෙනුවෙන් මන්ත්‍රී ධුර 6ක් හිමි විය.
සහල් ගැටලුව විසඳා ගැනීමට රජය තවමත් අසමත් වී ඇති බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.
2025 පෙබරවාරි මස ගෙන එන අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම පිළිබඳ අවධානය යොමුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
එළැඹෙන මහමැතිවරණ වෙනුවෙන් සියලුම ඡන්දදායකයින් ට සිය ඡන්දය භාවිත කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක ඉල්ලීමක් කරයි.
පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට (30) ආරම්භ කෙරේ. නොවැම්බර් 01 වැනිදා සහ 04 වැනිදා යන දිනවලදීද තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු සිදු කෙරෙන බව මැතිවරණ කොමිසම පවසයි.
පසුගිය කාලයේ විවිධ දූෂණ වංචා සම්බන්ධයෙන් අතරමඟ නතර වූ විමර්ශන කටයුතු නිසි පරිදි යළි ආරම්භ කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසිය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අතර සාකච්ඡාවක් ඊයේ (25) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විය.
2024- 09-26 සිට 2024- 10-16 දින දක්වා පාර්ලිමේන්තු මැතිවරණයේ පැමිණිලි 257 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
පසුගිය අවස්ථාවේ අස්වැසුම නොලැබුණ පවුල් හෝ පුද්ගලයින් ඇත්නම් ඒ සම්බන්ධයෙන් සොයා බලා ඔවුනට සාධාරණයක් ඉටු කරන බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
මහ මැතිවරණය සම්බන්ධයෙන් ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 63ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
පැවති ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්ද දායකයාගේ වම් අතේ සුළැඟිල්ල උචිත ලකුණින් සළකුණු කළත් මෙම මස 26 දින පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ඡන්ද දායකයාගේ වම් අතේ මහපටැඟිල්ල උචිත ලකුණින් සළකුණු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කර ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව තිබේ.
2024 මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බේදාහැරිම් විශේෂ දින ලෙස ඔක්තෝබර් 27 සහ නොවැම්බර් 03 දෙදින සලකනු ලබන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
Page 18 of 552