Sunday, February 23, 2025
Follow Us
ළමා සුරැකුම් මධ්‍යස්ථාන 379ට මෙවර අයවැයෙන් රුපියල් මිලියන 500 ක්
ළමා සුරැකුම් මධ්යස්ථානවල රැඳී සිටින එක් දරුවෙක් සඳහා ආසන්න වශයෙන් වෙන් වන රුපියල් 30,000ක පමණ මුදල එම දරුවන්ට ලැබෙනවාද යන්න විගණනය කරන්න ක්රමවේදයක් නෑ - කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්යාංශයීය උපදේශක කාරක සභාවට පැමිණි නිලධාරීන් පවසයි.

පවත්නා නීති ප්රමාණවත්, නීති බලාත්මක කිරීමේ යාන්ත්රණයේ ප්රයෝගික ගැටලු රැසක් පවතිනවා - නිලධාරීන්

 
කාන්තා සහ ළමා කටයුතු අමාත්යාංශයට වෙන් වන සියලුම මුදල් සහ ප්රතිපාදන සමාජ සුභසාධනය වෙනුවෙන් හැකි උපරිම අයුරින් යොදා ගනිමින් ජනතාවට යහපතක් කිරීම සියලු දෙනාගේම වගකීමක් - අමාත්යවරිය අවධාරණය කරයි
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ශ්රී ලංකාව පුරාම ළමා සුරැකුම් මධ්යස්ථාන 379ක් පවත්නා බවත්, ඉන් 47ක් රජයට අයත් ඒවා බවත් කාන්තා සහ ළමා කටයුතු අමාත්ය සරෝජා සාවිත්රි පෝල්රාජ් මහත්මිය පැවසීය. අනෙකුත් සියලු ළමා සුරැකුම් මධ්යස්ථාන රාජ්ය නොවන සංවිධාන හා පෞද්ගලික අංශවල ආධාර මත පවත්වාගෙන යන ඒවා බවත් අමාත්යවරිය පෙන්වා දුන්නාය.

 එසේම දිවයින පුරා ඇති ළමා සුරැකුම් මධ්යස්ථානවල ධාරිතාවය, භෞතික වශයෙන් සහ මානව සම්පත් සංවර්ධනය යන අංශවලින් වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 500ක මුදලක් මෙවර අයවැයෙන් වෙන් කොට තිබෙන බවට ද කාන්තා සහ ළමා කටයුතු අමාත්යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

 
කාන්තා සහ ළමා කටයුතු අමාත්ය සරෝජා සාවිත්රි පෝල්රාජ් මහත්මිය ඒ බව පවසා සිටියේ කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම ඇයගේ සභාපතිත්වයෙන් පසුගියදා (21) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.
 
මෙහිදී රැස්වීමට සහභාගී වූ නිලධාරීන් පවසා සිටියේ ළමා නිවාස සඳහා දේශීය විදේශීය ආධාර, දෙපාර්තමේන්තුව හරහා විවිධ මාර්ග ඔස්සේ ලැබෙන මුදල් ආධාර සලකා බැලීමේදී එක් දරුවෙකු සඳහා ආසන්න වශයෙන් රුපියල් 30,000ක පමණ මුදලක් වෙන් වන බවයි. කෙසේ වෙතත් මෙම මුදල එම දරුවන් හට නිසි අයුරින් ලැබෙනවාද යන්න පිළිබඳව විගණනයක් කිරීමට විධිමත් ක්රමවේදයක් නොමැති බව ඔවුහු වැඩි දුරටත් පැවසූහ.
 
පරිවාස නිලධාරින්ගේ වැටලීම් ඔස්සේ ඇතැම් ළමා සුරැකුම් මධ්යස්ථාන මේ වන විට වසා දමා ඇති බවත්, මෙම ළමා සුරැකුම් මධ්යස්ථාන තුළ දරුවන්ට විවිධ අකටයුතුකම් සිදුවන බවටත් මන්ත්රීවරුන් විසින් මෙහිදී කරුණු ඉදිරිපත් කරන ලදී. මෙහිදී අදහස් දක්වමින් ගරු අමාත්ය සරෝජා සාවිත්රි පෝල්රාජ් මහත්මිය පවසා සිටියේ ළමා සුරැකුම් මධ්යස්ථාන නියාමනය කිරීමේ ක්රමවේදයක් සැකසීමට වැඩපිළිවෙලක් සකස් කරන බවයි.
 
කාන්තා සහ ළමා කටයුතු අමාත්යාංශය මුදල් උපයන අමාත්යාංශයක් නොවන බවත්, මෙම අමාත්යාංශය ප්රධාන වශයෙන්ම ග්රාමීය සහ ආර්ථිකමය වශයෙන් සමාජ සුභසාධනය ඉහළට ඔසවා තබන්නට දායක වන අමාත්යාංශයක් බවත් අමාත්යවරිය පෙන්වා දුන්නාය. එබැවින් ඊට වෙන් වන සියලුම මුදල් සහ ප්රතිපාදන සමාජ සුභසාධනය වෙනුවෙන් හැකි උපරිම අයුරෙන් යොදා ගනිමින් ජනතාවට යහපතක් කිරීම ප්රධාන වගකීම කරගත යුතු බව ඇය අවධාරණය කළාය.
 
ජාතික හැඳුනුම්පත සකස් කිරීමේ දී පවතින ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් භික්ෂූණීන් වහන්සේලා දැඩි අපහසුතාවයට පත්ව ඇති බවත් එම ගැටලු කඩිනමින් විසඳා ගැනීම සඳහා යම් ක්රමවේදයක් සකස් කිරීම පිළිබඳවත් මෙම කාරක සභාවේ අවධානය යොමු විය.
 
තවද, සුපිරි වෙළඳසල් අසල සිඟමනේ යෙදෙන දරුවන් සහ විවිධ වෙළඳාම් කටයුතු සඳහා පාසල් යන දරුවන් යොදා ගැනීම පිළිබදව අමාත්යාංශයීය උපදේශක කාරක සභාවේ දී මන්ත්රීවරයන් විසින් ප්රශ්න නගන ලදී. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නියෝජනය කරමින් සහභාගී වූ නිලධාරීන් පවසා සිටියේ මේ සම්බන්ධයෙන් පවත්නා නීති ප්රමාණවත් වුව ද එම නීති බලාත්මක කිරීමේ යාන්ත්රණයේ ප්රයෝගික ගැටලු රැසක් පවතින බවයි.
 
එම කාරක සභා රැස්වීම සඳහා ගරු කාන්තා සහ ළමා කටයුතු නියෝජ්ය අමාත්ය (වෛද්ය) නාමල් සුදර්ශන මහතා, ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා,  බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්ය (ආචාර්ය) හිනිදුම සුනිල් සෙනෙවි මහතා,  ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර් මහතා, ඇතුළු කාරක සභා සාමාජික මන්ත්රීවරයන්, අනෙකුත් මන්ත්රීවරයන්, කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්යංශය හා අනුබද්ධිත ආයතනයන්හී නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.