Saturday, December 13, 2025
Follow Us
වැලිගම ප්‍රා.ස සභාපති ඝාතන සිද්ධිය ගැන පොලිස් කණ්ඩායම් 4ක් පරීක්ෂණ අරඹයි

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත කණ්ඩායම් 4ක් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ඊයේ (22) පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, එෆ්. යූ. වුට්ලර් මහතා මේ බව පැවසීය.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

අදාළ ඝාතනය සඳහා උණ්ඩ 4ක් භාවිත කර ඇතැයි ද මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.