මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳ ආණ්ඩුවේ සියළු මන්ත්‍රීවරුන් එකඟතාව පළ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
විපක්ෂ මන්ත්‍රී රවී කරුණානායක විසින් මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිලිබඳ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (07) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වු අග්‍රාමාත්‍යවරිය, "පාර්ලිමේන්තු වරප්‍රසාද අඩු කිරීම ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් නතර කිරීම පිලිබඳව අපි කථා කළේ 2001 පමණ ඉදලා. මම සතුටු වෙනවා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ම අද ඒ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එකට, අපි මන්ත්‍රීවරු සියළු දෙනාම මේ යෝජනාවට එකඟතාවය පළ කරනවා. නමුත් මම කනගාටුවෙනවා. සියළු දෙනාම එකඟ වියයුතු යෝජනාවකදී වත් විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු එකඟ නෑ ඒ සංස්කෘතිය වෙනස් වෙනවට. විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කළ යෝජනාවට පක්ෂව කතා නොකර වෙනත් මාතෘකා පිළිබඳව තවමත් ඒ මන්ත්‍රීවරු කතා කරනවා. තවමත් ඔවුන් සූදානම් නැහැ වරප්‍රසාද අඩු කරනවට" යැයි පැවසීය.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් නැවත කතාබහක් ඇතිවී තිබෙන බවත්, 2009 වසරේ ඔහු ඝාතනය වීමෙන් පසු පැවති කිසිදු රජයක් එම නඩුව සම්බන්ධයෙන් නඩු විභාගය අවසන් කිරීමට පියවර නොගත් බවත් අගමැතිවරිය මෙහිදී ප්‍රකාශ කළාය. වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු 2025 වසරේ එම නඩුව යළිත් විවෘත කොට විභාග කිරීම අරඹා ඇත්තේ අපරාධ වලට යුක්තිය පසිඳලන බවට ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කරමින් බවද අගමැතිවරිය පාර්ලිම්න්තුව අමතමින් වැඩිදුරටත් සඳහන් කළාය.