Sunday, March 09, 2025
Follow Us
ඊළඟ දශකය තුළ මේ රට සහකම්පනයෙන් යුතු මානූෂීය රටක් ලෙස පරිවර්තනය කිරීමේ නායකත්වය ගන්නේ කාන්තාවන්- අගමැතිනි

ඊළඟ දශකය තුළ මේ රටේ ශිෂ්ඨ සම්පන්න මානුෂීය රටක් ලෙස පරිවර්තනය කිරීමේ නායකත්වය කාන්තාවන් විසින් ලබා ගන්නා බවට තමන් විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

පුනරුදයේ කාන්තා සවිය ගොඩනගමු යනමාවෙන් කඩවත ඊයේ (08) පැවති ගම්පහ දිස්ත්‍රික් කාන්තා දින සැමරුම අමතමින් අග්‍රාමැතිනිය මේ බව සදහන් කළාය.

මෙහිදීම වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

මෙවර කාන්තා දිනය අපි සමරන්නේ විශේෂ වසරක. අරගල, සටන් තුළින් වසර ගණනක් අධිෂ්ඨානයෙන් කළ උත්සාහයන්ගේ ප්‍රතිඵලයක් ලෙස ජයග්‍රහණයන් ලබාගත් වසරකයි.

කාන්තාවන් ලෙසඅපේ අයිතීන් වෙනුවෙන් කරපු අරගල වලදී පැවති රජයන් අපිට පහර එල්ල කළා මට මතකයි ඒ අරගල වලදී එල කළ ජලජල ප්‍රහාරවලින් මාව ආරක්ෂා කළේ අද මෙතන වාඩිවෙලා ඉන්න මේ කාන්තාවන්, එදාඅපේ සටන වෙනුවෙන් හඬක් නැගූ සාවිත්‍රි පෝල් රාජ් සහෝදරිය අද කාන්තා කටයුතු අමාත්‍යංශයේ අමාත්‍ය ධුරය දරනවා. අපි මේ තැනට රෝස පෙති උඩින් ආවේ නැහැ.

මේ අවසානයේ නෙමෙයිඅපි අරගල කරලා ජයග්‍රහණයෙන් බලය ලබා ගත්තේ එයින් සෑහීමකට පත්වෙන්න නෙමෙයි. අපිට බලය ලැබිලා තියෙනවා හරියටම වැඩ කරන්න ලැබුනේ මාස තුනයි මේ වනවිට ඉදිරි මාස නමය වෙනුවෙන් අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන අයවැය ඉදිරිපත් කර තිබෙනවා.

විපක්ෂය කියනවා අපිට අතීතය ගැන කියන්න එපා කියලා නමුත් අපේ කාලයෙන් සියයට අසූවක්ම (80%) වැය වෙන්නේ ඔවුන් අතීතයේ තිකළ ප්‍රශ්න නිවැරදි කරන්නට කසල ගොඩක් සුද්ද කරමින් අපි රජයේ සැලැස්ම ක්‍රියාත්මක කරමින් යන්නේ.

අපි බලයට පැමිණියේ රට හදන සැලසුමක් ඇතිවයි අප අප ඉතාා සුපරීක්ෂාකාරීව ගැටලු හඳුනාගනිමින් සැලසුම් සහගතව කටයුතු කරමින් යනවා.

වැඩ ඉවරයි කියලා කාන්තාවන් වන අපිටඉවත් වෙන්න බැහැ දැන් වෙනදටත් වඩා මහන්සියෙන් වැඩ කරන්න ඕන කාලයක්, ලබාගත් ජයග්‍රහණය ආරක්ෂා කරගෙන අපේ අරමුණු වෙනුවෙන් ඉදිරියට යන්න කැප විය යුතු කාලයක්,

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදීකාන්තාවන් වන අපට විශේෂ කාර්යයක් තියෙනවා ඒ කාන්තා නියෝජනය සීයට විසිපහක් කරන එක. ඒක අපිට අපහසු කාර්යයක් නෙවෙයි

ගැහැණු එක මිටට ආවේ අලුත් අනාගතයක් හදන්න, ඉතිහාසය අලුතින් ලියන්න. ඒ සමාජ පරිවර්තනයට සමාජය තුළ කතිකාවක් ඇති කිරීම, සමාජය සූදානම් කිරීම, ඒ වෙනුවෙන් පෙනී සිටීම කාන්තා අපි කළ යුතුව තිබෙනවා.

දේශපාලනය කරලා පාර්ලිමේන්තු යන එකම නෙමෙයි අපිට කරන්න තියෙන්නේ. විවිධ ක්ෂේත්‍රවලින් කාන්තාවන් ලෙස අපි අපේ නායකත්වය ලබා දිය යුතුයි.

අධ්‍යාපනය සම්බන්ධයෙන් ගත්තම මේ රටට අවශ්‍යා නායකත්වය දෙන්න පුළුවන් දරුවන් බිහි කරන්න හැකි අධ්‍යාපනයක් අපිට අවශ්‍යයි , ඒ වෙනුවෙන් හොඳම ගුරුවරු අපිට අවශ්‍යයි, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපිට අවශ්‍යයි, ඒ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අපි සමාජයේ කතිකාවක් ඇති කළ යුතුයි.

සංකල්පීයව අපි මොන පරිවර්තන කළත් ප්‍රායෝගිකව ඒ වෙනුවෙන් කටයුතු කරන්න නම් ආකල්පමය වශයෙන්ම අපිත් හැඩගැසිය යුතුයි. අපි අපේ දරුවන්ට හොඳම දේ දෙනවා වගේම මේ රටේ සියලු දරුවන්ටත් හොඳම දේ දෙන්න අපි උත්සාහ ගත යුතුයි. මේ සමාජ පරිවර්තනය කරන්න නම්සාමූහිකව ඒ වෙනුවෙන් කටයුතු කළ යුතුයි . ඒ වෙනුවෙන් තම තමන් වගකිව යුතුයි.

කාන්තාවන්ට ආදරය, කරුණාව, සාමූහිකත්වය, සහකම්පනය අලුත් දේවල් නොවන බවත් ඊළඟ දශකය තුළ එවැනි රටක් ලෙස මේ රට පරිවර්තනය කිරීමේ නායකත්වය ලබාගන්නේ කාන්තාවන් බව තමන් විශ්වාස කරනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී සඳහන් කළාය.

මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රීක් නායක, අමාත්‍ය විජිත හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී හේමාලි වීරසේකර, ගම්පහ දිස්ත්‍රීක් විධායක සභික මහාචාර්ය සීතා බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු ජාතික ජන බලවේගයේ මහජන නියෝජිතයින්, පාක්ෂිකාවන් විශාල පිරිසක් සහභාගී වූහ.