Saturday, March 22, 2025
Follow Us
අය-වැය ඡන්ද විම­සීම අද

2025 වසර සඳහා වන අය-වැය පිළි­බඳ තෙවැනි වර කියැ­වීම හෙවත් කාරක සභා අව­ස්ථා­වේදී වන ඡන්ද විම­සීම අද (21) පස්වරු 6.00ට සිදු කිරී­මට නිය­මි­තය.

2025 වර්ෂය සඳහා අය-වැයට අදා­ළව විස­ර්ජන පනත් කෙටු­ම්පත 2025 ජන­වාරි 09 වන දින පළමු කිය­වීම සඳහා පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කළ අතර, 2025 වර්ෂය සඳහා වන අය-වැය මුදල් අමා­ත්‍ය­ව­රයා ලෙස ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා විසින් පෙබ­ර­වාරි 17  පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කළේය.

විස­ර්ජන පනත් කෙටු­ම්පත පිළි­බඳ කාරක සභා අව­ස්ථාවේ විවා­දය පෙබ­ර­වාරි 27 වැනි දින සිට මාර්තු 21 වැනි දින දක්වා සෙන­සු­රාදා දින 4ක් ඇතු­ළුව දින 19ක් පැවැති අතර, ඊට අදාළ ඡන්ද විම­සීම අද පස්ව­රුවේ සිදු කෙරේ.