පළාත් පාලන මැතිවරණයට අදාළ පැමිණිලි ලබාදීම සඳහා නව ජංගම දුරකථන යෙදවුමක් අද (22) මැතිවරණ කොමිෂන් සභාවේදී හඳුන්වා දීම සිදු විය.
විධිමත් සහ නව තාක්ෂණික ක්‍රමෝපායන් ඔස්සේ මැතිවරණ පැමිණිලි ඉදිරිපත් කිරීමට අදාළව EC EDR නම් ජංගම දුරකථන යෙදවුම හඳුන්වාදී තිබේ.
මහජනතාවට මෙම ඇප් එක් ඔස්සේ මැතිවරණ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවත් තමා සිදු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු දැන ගැනීමට මෙමඟින් අවස්ථාවට හිමි වන බවත් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේය.
මෙම ඇප් එක හරහා වීඩියෝ, ඡායාරූප තොරතුරු ලබාදීමේ හැකියාව ද තිබේ.
වැඩිදුර තොරතුරු පහත Link එක ඔස්සේ ලබා ගත හැක.