යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජාතික ජන බලවේගයේ යෝජනා අධිකරණ අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබේ.
ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා කැබිනට් අමාත්‍යවරයකු වශයෙන් පත්වන්නේද යන්න පිළිබඳව සමාජයේ සංවාදයක් ඇතිවී තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණු රුපියල් බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුව විවාදයට ගැනීමෙන් අනතුරුව ඊයේ (08) දිනයේදී පාර්ලිමේන්තුවේ සම්මතව තිබේ.
මේ මොහොතේ ජනතාවගේ බඩගින්න නිවීම අංක එකට විසඳිය යුතු වන අතර ඒ සමඟම 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයද ගෙන ආ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද (09) දිනයේදී සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වේ.
SJB MP Patali Champika Ranawaka today informed Parliament that he would function as an independent MP in Parliament from today.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් නෙරපා හැරීම වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග අභියාචනාධිකරණයෙන් හෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවෙකු ලෙස ඔප්පු වුවහොත් ඔහු සමග එකට හිද නොගන්නා බව අග්‍රාමාත්‍යවරයා 08 පාර්ලිමේන්තුවේදී පැවසුවා. ඒ, තුෂාර ඉදුනිල් මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින්.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ආශු මාරසිංහ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා ලෙස පත්කර තිබේ.
පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට යළි රැස්වනවා. අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රුපියල් බිලියන 695 ක පරිපූරක ඇස්තමේන්තුව අද විවාදයට ගැනීමට නියමිතයි.
යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණ සිය මන්ත්‍රීධූරවලින් ඉවත්වීමේ සූදානමක් පවතින බව නෙත් නිවුස් වෙත වාර්තා වනවා.
පසුගිය කාලයේ කොවිඩ් වසංගතය දරුණු ලෙස පැතිර ගිය සමයේ දී දැඩි සීමාවන්ට යටත්ව වුව ද සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හා ඉදිකිරීම් ක්ෂේත්‍රයන් හි නියැලෙන්නන් සිය ව්‍යාපාර පවත්වා ගෙන යාමට සමත්විය. කෙසේ වෙතත්, ආණ්ඩුව විසින් හිතාමතා රට තුළ නිර්මාණය කළ ආර්ථික අර්බුදය හේතුවෙන් අද වනවිට එම ව්‍යාපාර බරපතල ලෙස කඩා වැටීමකට ලක්ව තිබේ. ඒ සම්බන්ධයෙන් මවිසින් 2021.09.22 වැනි දින ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් පැන නැගීය. කෙසේ නමුත්, පැවති ආණ්ඩුව හෝ පවතින ආණ්ඩුව ඒ සඳහා නිශ්චිත පිළිතුරක් ලබා දීමට අද වනතෙක් අසමත් වී ඇත.
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ කැබිනට් අමාත්‍යවරයකු වශයෙන් පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වේ.
ගෑස් වෙනුවට දර භාවිතය තුළින් කාන්තාවන්ගේ ආයු කාලය ඉහළ යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බව වාර්තා වනවා.
Page 156 of 554