සර්ව පාක්ෂික ආර්ථික පුනර්ජීවන සැලසුමක් ගොඩනැගීම සදහා තමන් පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති තනතුර භාරගැනීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට ගිනි තබා දේපළවලට හානි කිරීමේ සිද්ධීන් වාර්තා වූ සෑම පොලිස් වසමකටම පොලිස් ස්ථානාධිපතිවරුන් සහ කොට්ඨාස භාර නිළධාරීන් පත් කර ඇත්තේ එම දේශපාලකයින්ගේ බලපෑම මත බව පොලිස්පති සී ඩී වික්‍රමරත්න පවසනවා. ඔහු මේ බව පවසා ඇත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදියි.
විවිධ දෙස් විදෙස් කණ්ඩායම් සමග මේ වන විට මන්ත්‍රීවරුන් මුදලට බිලිබා ගැනීමේ මෙහෙයුමක් ආණ්ඩු පාර්ශ්වය ආරම්භ කොට ඇතැයි ද, ඒ මෙහෙයුම් වලට සමගි ජන බලවේගයේ කිසිදු මන්ත්‍රීවරයෙක් හසු නොවන්නේයැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (15) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවසීය.
සෑම අතින්ම රට අසීරුවට පත්ව ඇති අවස්ථාවක රටේ ප්‍රශ්න විසඳීම සඳහා ඉදිරිපත් වන ඕනෑ ම නායකයෙකුට සාතීශ්‍යය ගෞරවයෙන් යුතුව තම සහයෝගය ලබා දීමට සූදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර මහත්වරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකරමින් දැනුම් දෙයි.
විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන හිටපු අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කුඩා පක්ෂ 10 කණ්ඩායම අද (16) පෙරවරු 10.00 ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනට සපයා ඇති ආරකෂාව වැඩි කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරු පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කර ඇති බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. නිමල් සිරිපාලද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ජගත් පුෂ්පකුමාර සහ ලසන්ත අලගියවන්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙලෙස අග්‍රාමාත්‍යවරයාට සහය දැක්වීමට තීරණය කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡාව අද (16) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වී තිබේ.
සමගි ජන බලවේගයේ විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද පැවැත්වෙනවා. නියෝජ්‍ය කථානායක ධූරය සදහා සමගි ජන බලවේගයෙන් නම් දෙකක් යෝජනා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් මෙහිදී අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සදහන් කළේ.
Page 156 of 544