Thursday, January 01, 2026
Follow Us
ජනාධිපතිත් පාර්ලිමේන්තුවත් අතර බල සමතුලනයක් අවශ්‍යයයි – චම්පික

තවදුරටත් කල්නොදමා 21 වැනි සංශෝධනය සඳහා කඩිනමින් කැබිනට් අනුමැතිය ලබාගැනීමට ආණ්ඩුව කටයුතු කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.

“21 වැනි සංශෝධනය ගෙන ආ යුතුයි කියලා මම හිතනවා, ඒක පුද්ගලයො ඉලක්ක කරගන්න ඕනෙ නෑ. ජනාධිපතිවරයාත් පාර්ලිමේන්තුවත් අතරේ බල සමතුලනයක් රටට අවශ්‍යයි. ඒ බල සමතුලනය වෙනුවෙන් තියෙන යෝජනා තමයි ඉදිරියේදී සාකච්ඡා කරන්නෙ. හැබැයි අපි ආණ්ඩුවට පැහැදිලිවම කියනවා මීළඟ කැබිනට් මණ්ඩලයට මේක ගෙනල්ලා මේ ජුනි මාසය ඇතුළත මේක අනුමත කරගන්න. මේක කල්දමන්න දමන්න මේ දේශපාලන අස්ථාවරත්වය වැඩිවෙනවා, ඒක ආර්ථික ප්‍රශ්නවලටත් අපේ ජාත්‍යන්තර ප්‍රතිරූපයටත් බලපානවා”

චම්පික රණවක මහතා මේ බව පැවසුවේ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඊයේ (12) සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් සහ 43 වැනි සේනාංකය අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

LNW