Thursday, January 01, 2026
Follow Us
21 රබර් වෙයි. ඊයේත් කැබිනට් අනුමැතිය නෑ …

ඊයේ (13) පැවති කැබිනට් රැස්වීමේදී ද 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සම්මත කරගෙන නොමැති බව වාර්තා වේ.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තවදුරටත් පක්ෂ නායකයින් දැනුවත් කිරීමට අවශ්‍ය බැවින් එය ඊයේ දිනයේදී සම්මත කර නොගත් අතර ලබන බ්‍රහස්පතින්දා දිනයේදී ද මේ සම්බන්ධයෙන් පක්ෂ කිහිපයක නායකයින් දැනුවත් කිරීමට නියමිත බවයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ.

ඒ අනුව ලබන සඳුදා පැවැත්වෙන මීළඟ කැබිනට් මණ්ඩල රැස්වීමේදී 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සඳහා අනුමැතිය ලබාගැනීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

LNW