ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් ධම්මික දසනායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
හෙටට (01) යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සඳහා මේ වන විට සියලු පක්ෂ සුදානම් වෙමින් පවතී.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.
සමන්ත රණසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා ඉදිරියේ අද (08) දිවුරුම් දුන්නේය.
අවුරුදු හැත්ත පහක් පුරා දූෂණයවලට, අපරාධවලට තිබුණ දේශපාලන රැකවරණය වත්මන් රජය ඉවත් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද (16) දිනයේ තැපෑල වෙත බාරදීමට නියමිත බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සදහා අවශ්‍ය ගුරුවරුන් පුහුණු කිරීම මැයි මස සිට ආරම්භ කරන බවත්, ඉදිරි පලාත් පාලන මැතිවරණයෙන් පසු ගජමිතුරන්ට කොන්ත්‍රාත් ලබා දීම අවසන් වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා අද (11) සිය සහතිකය සටහන් කළේය.
අක්‍රමිකතාවලින් ලාභ ලබපු අය රජය සිදුකරන පරිවර්ථනයට විරුද්ධයි.
ඔබ මුහුණ දෙන ප්‍රශ්නවලට පැලැස්තර වෙනුවට ස්ථිර විසඳුම් දෙන්න රජයට වැඩ පිළිවෙළක් තිබෙනවා.
-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
ලබන මැයි 6 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ජන්ද විමසීමට අදාළ නිල ජන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදීමේ විශේෂ දිනයක් ලෙස අද (27) ප්‍රකාශයට පත් කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
පාසැල් සඳහා විදුහල්පතිවරුන් පත්කිරීමේදී සියලුම පාසල් වලට අනුගමනය කරන්නේ එකම ප්‍රතිපත්තියක්, එකම ක්‍රමවේදයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සේවා නියුක්තිකයන්ට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
කෑගල්ල මැතිවරණ කොට්ඨාසයේ ජාතික ජනබලවේගය නියෝජනය කළ කෑගල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතාගේ අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට රත්නායක මුදියන්සේලාගේ සමන්ත රණසිංහ මහතා තෝරා ගත් කර ගත් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
විපක්ෂයට මෙවර මැතිවරණය තවත් එක බලය ලබා ගැනීමේ අරගලයක් පමණක් වුවත් රජයට අවශ්‍ය ජනතාව වෙනුවෙන් වෙන් කළ මුදල් දූෂණයෙන් තොරව ගමට ගෙනියන්න අවස්ථාව නිර්මාණය කර ගැනීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
Page 9 of 550