සමානාත්මතාවයෙන් සහ ගුණාත්මකභාවයෙන් පිරි, සියලු දරුවන්ට ප්‍රවේශ විය හැකි අධ්‍යාපන පද්ධතියක් ගොඩනැඟීම යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණ බවත් කුමන හෝ ආර්ථික, සමාජීය භූගෝලීය හේතුවක් මත දරුවන් අධ්‍යාපන පද්ධතියෙන් ඉවතට යාම වැළැක්වීමට හැකි සෑම උත්සහයක්ම ගන්නා බවත් අධ්‍යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
















