Sunday, June 15, 2025
Follow Us
Political

දසවැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ අභිනව මන්ත්‍රීවරයන් වෙනුවෙන් පැවැත්වෙන දැනුවත්  කිරීමේ වැඩමුළුව ලබන 25, 26 සහ 27

 

දසවැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයන් වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2024 නොවැම්බර් මස 25, 26 සහ 27 යන දිනයන්හි දී පෙ.ව. 9.30 සිට ප.ව. 4.30 දක්වා පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 01 හිදී  පැවැත්වීමට කටයුතු යොදා ඇත. නව පාර්ලිමේන්තුවක් ආරම්භයේ සම්ප්‍රදායිකව සිදුකරනු ලබන කටයුත්තක් ලෙස මෙම වැඩමුළුව මෙවරද සංවිධානය කර තිබේ.

ලබන 25 වැනි සදුදා පෙ.ව 9.30 ට පැවැත්වෙන මෙම වැඩමුළුවේ සමාරම්භය සඳහා අග්‍රාමාත්‍ය ගරු ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක ගරු ආචාර්ය අශෝක රන්වල, නියෝජ්‍ය කථානායක ගරු වෛද්‍ය මොහොමඩ් රිස්වි සාලි, නියෝජ්‍ය කාරක සභා සභාපති ගරු හේමාලි වීරසේකර, සභානායක අමාත්‍ය ගරු බිමල් රත්නායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස, පාර්ලිමේන්තුවේ මහ ලේකම්, නියෝජ්‍ය මහ ලේකම්, සහකාර මහ ලේකම් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතව තිබේ.

මෙම තෙදින වැඩමුළුවේදී  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ භූමිකාවේ කාර්ය භාරය, පාර්ලිමේන්තු වරප්‍රසාද, පාර්ලිමේන්තුව තුළ නීති සම්පාදිත ක්‍රියාවලිය, පාර්ලිමේන්තු කාරක සභා ක්‍රියාවලිය, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන පිළිබඳව මන්ත්‍රීවරයන් දැනුවත් කිරීම ට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති අතර, මන්ත්‍රීවරයන්ට ඉලෙක්ට්‍රොනික ඡන්ද ක්‍රමය භාවිතයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වන ප්‍රායෝගික සැසියක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

තවද දුෂණ විරෝධී පනත මගින් ස්ථාපිත අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අදාළ නීති හා ක්‍රියාවලින් පිළිබඳව මෙන්ම මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු කටයුතු අංශයේ කාර්යභාරය පිළිබඳව ද දැනුවත් කිරීමට නියමිතයි.

එමෙන්ම පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ කාර්යාංශ ප්‍රධානීන් විසින් ඒ ඒ අංශ මගින්  පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳව ඔවුන්ගේ දායකත්ව හා කාර්යයන් පිළිබඳවද මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමට නියමිතයි.

Political

රටක ආර්ථික සමාජීය පරිවර්තනයක් ඇති කර ගැනීමට නම් මුලිකවම නීතියේ ආධිපත්‍යය අවශ්‍යය බව නව අධිකරණ ඇමති නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

Political

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව ඊයේ (16) නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ පවතී මාධ්‍ය හමුවකදී පැවසීය.

දශක හතක කාලයක් අලුත්ගමගේ පරම්පරාව නාවලපිටිය ආසනයේ ක්‍රියාකාරි දේශපාලනයේ නිරත වු බවත්, ඉන් දශක තුනක් තමන් දේශපාලනයේ නිරත වු බවත්, මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට තමන්ගේ සේවය අවශ්‍ය නොවන බවට මෙවර පැවති මහ මැතිවරණයෙන් පෙන්නුම් කර ඇති නිසා තමන් දේශපාලනයෙන් සමු ගැනිමට තිරණය කල බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේය.

මෙවර පැවති මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණෙන් ගෑස් සිලින්ඩරයෙන් තමන් මහනුවර දිස්ත්‍රික්කය සදහා තරග කළ බවත්, ජන්ද දායකයන් මනාප 20,401 ක් පමණක් ලබා දි තිබු බවත්, තමන් මිට ප්‍රථම පැවති මැතිවරණවලදි ලක්ෂ දෙකකට ආසන්න මානප ප්‍රමාණයක් ලබාගත් නිසා ජනතාවට තමන්ගේ දේශපාලනය අවශ්‍ය නොවන බවට පෙන්නුම් කර ඇති නිසා දේශපාලනයෙන් සමුගන්නා බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

තම දේශපාලන ගමනේදි විවිධ පුද්ගලයන් සහ මාධ්‍ය මගින් තමන්ට දිගින් දිගට මඩ ප්‍රහාර එල්ල කලද, ඒවා ඉවසා දරා ගනිමින් තමන් දේශපාලනයේ රැදි සිටියේ තම ආසනයේ ජන්ද දායකයින් වෙනුවෙන් බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේය.

 

Political

2024 දෙසැම්බර් මස 03 වන දින පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව යළි කැඳවීම නියමිත බව ජනාධිපතිවරයා අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

Political

නව රජයේ අභිනව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ හෙට (18) පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කිරීමට නියමිතය.

Political

පුන­රුද යුග­යක් ආරම්භ කිරී­මට සහාය ලබා­ දුන් සැමට තම ස්තූතිය පිරි­න­මන බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ප්‍රකාශ කරයි.

Political

නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස සමගි ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස තෝරාගන්නා ලදී.

Political

 ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට දෘශ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් සුගත් වසන්ත ද සිල්වා මහතාට මන්ත්‍රී අසුනක් ලබා දී තිබේ.

Political

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය හිමිකර ගෙන තිබේ..

Political

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවකාරයෙන් අද (නොවැ. 21) විවෘත කිරීමට නියමිතය. ඊට අදාළ පෙරහුරුව පාර්ලිමේන්තුව පරිශ්‍රයේදී ඊයේ (20) පැවැත්විණි.

Political

2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය සඳහා වෙන් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා තෝරාගත්නා ලද නම්කළ නම්, එම පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා විසින් මැතිවරණ කොමසාරිස් සමත් ශ්‍රී රත්නායක මහතා වෙත යොමුකර තිබේ.

Political

රී ලාංකේය දේශපාලන වංශ කථාවට නව පරිච්ඡේදයක් එක් කරමින් දස වැනි පාර්ලිමේන්තුව සඳහා සභිකයන් තෝරා පත් කර ගැනීම වෙනුවෙන් ඊයේ (14) පැවැති පාර්ලිමේන්තු මැතිවරණය නිදහස් හා සාමකාමී මැතිවරණයක් ලෙස අවසන් විය.

Political

ස වැනි පාර්ලි­මේ­න්තුවේ පළමු සභා ­වා­රය ආරම්භ කිරී­මෙන් පසුව, ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා විසින් පෙර­වරු 11.30ට පමණ ආණ්ඩුවේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය හෙවත් රාජා­සන කතාව සිදු­කි­රී­මට නිය­මි­තය.

Political

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භයේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම 2024 නොවැම්බර් 21 දින පෙරවරු 11.30ට ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කරන බව මේ වන විටත් දැනුම්දී තිබේ.

Political

පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය

Political

නව රජයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍යධූරයේ දිවුරුම් දුන් වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා අද (19) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ බාර වැඩ භාර ගත්තේය.

Political

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ  (නොවැම්බර 14) මේ වනවිට සියලුම අපේක්ෂකයි‍න්‍ මනාප ප්‍රකාශයට පත් කර තිබේ.

Political

හම්බන්තොට දිස්ත්‍රික්යේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර තිබේ.