සරල කරන ලද එකතු කළ අගය මත බදු (SVAT System) ක්‍රමවේදය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී දීර්ඝව සාකච්ජා කිරීම සිදු විය. මෙහිදී දේශිය ආදායම් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් විසින් SVAT ක්‍රමවේදය පිළිබඳව ඉදිරිපත් කිරීමක් සහිතව (Presentation) කාරක සභාව දැනුවත් කිරීම සිදු කළ අතර එහිදී පැන නගින ගැටලු නිරවුල් කර ගැනීමද මේ අනුව සිදු විය.
ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා ඊයේ (22) සිය සහතිකය සටහන් කළේය.
බිමල් නිරෝෂන් රත්නායක – ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය
අනුර කරුණාතිලක – වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය
2026 වසරට අදාළ අයවැය හා සමගාමීව රජයේ සංවර්ධන ඉලක්ක වේගවත් හා කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
සමගි ජන බලවේගයට එක්වීම හේතුවෙන් පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු ලැබූ සහ විනය ක්‍රියාමාර්ග ගත් එක්සත් ජාතික පාක්ෂිකයන්ට පනවා තිබූ පක්ෂ තහනම් නියෝග සියල්ල ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.
අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ 2026 වර්ෂය සඳහා වූ අයවැය ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි විය.
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) අභිනව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු කබීර් හෂීම් මහතා තේරී පත්විය.
ඒ දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා 2025.08.06 දින ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩු පිරවීමට එම කාරක සභාව අද (12) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
සභාපතිධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ.සී. අලවතුවල සහ රෝහිත අබේගුණවර්ධන යන මහත්වරු විසින් පිළිවෙලින් යෝජනාකර ස්ථිර කරන ලදී.
අනතුරුව කාරක සභාව අමතමින් අභිනව සභාපතිවරයා, දේශපාලන මතවාදවලින් තොරව මධ්‍යස්ථව කටයුතු කරමින්, සියලු සාමාජිකයින්ගේ සහයෝගයෙන් සිය ධුරයේ කටයුතු කිරීමට අපේක්ෂා කරන බව පැවසුවේය. එමෙන්ම කාරක සභාවේ හිටපු සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා සිදුකළ කාර්ය භාරය විශේෂයෙන් අගය කළ අතර ඔහු කළ කාර්ය භාරය ඉදිරියටත් වඩාත් හොඳින් සිදු කිරීමට අපේක්ෂා කරන බවද අභිනව සභාපතිවරයා ප්‍රකාශ කළේය. තවද නව සැළසුම් සකස් කොට කෝපා කමිටුවේ කාර්ය භාරය තදුරටත් විධිමත් කරමින් පවත්වාගෙන යමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටද සුදානමින් පසුවන බව අභිනව සභාපතිවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවේය.
මේ අවස්ථාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් ,රෝහිත අබේගුණවර්ධන, ජේ.සී. අලවතුවල, චාමර සම්පත් දසනායක, හෙක්ටර් අප්පුහාමි, (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන, ඔෂානි උමංගා, රුවන්තිලක ජයකොඩි, නීතිඥ තුෂාරි ජයසිංහ, එම්. ඒ. එම්. තාහිර්, ලාල් ප්‍රේමනාත්, චානක මාදුගොඩ යන මහත්ම මහත්මීන් මෙන්ම අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා සහ අධ්‍යක්ෂ සන්නිවේදන (වැඩ බලන) එම්. ජයලත් පෙරේරා මහතා ඇතුළු පාර්ලිමේන්තු නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.
Page 3 of 550