Thursday, October 01, 2026
Follow Us
Political

ජනාධිපති මන්දිර සහ අමාත්‍යවරුන් සඳහා වෙන්කර තිබූ නිල බංගලා භාවිත නොකිරීම වත්මන් රජයේ ප්‍රධාන දේශපාලන ප්‍රතිපත්තියක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (ජූලි 22) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළාය.

Political

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පත (National Youth Policy) සම්බන්ධයෙන් තාරුණ්‍යයේ අදහස් සහ යෝජනා ලබාගැනීමේ වැදගත්කම පිළිබඳව තාරුණ්‍යය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ අවධානය යොමු කෙරිණි.

Political

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අයවැය සකස් කිරීමේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය පදනම් කරගත් විශ්ලේෂණය (Gender-Responsive Budgeting) සඳහා ඇති අවශ්‍යතාවය සහ ඒ හා සම්බන්ධ වත්මන් අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

Political
පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) විසින් විවිධ ආයතන සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන වලට අදාළ කරුණු ඇතුළත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තා පිළිවෙලින් නීතිපතිවරයාට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවට යොමු කිරීම පිණිස වන තීරණ සඳහා ඊයේ (21) පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය.
Political

2023 වසරේ පැවති  දකුණු පළාත් ගුරු විභාගයෙන් සමත්ව, සම්මුඛ පරීක්ෂණයට මුහුණදී එහෙත් පසුව බඳවා ගැනීම අත්හිටුවීමට ලක්වූවන් පිරිසකගේ නියෝජිතයන් පසුගියදා අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට කැඳවා තිබිණි.

Political

බේරාගැනීම්, පුනරුත්ථාපන සහ වස්තුභංගත්ව  (ආයතනික සහ පුද්ගලික)  පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (17) සිය සහතිකය සටහන් කළේය.  

Political
පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද ජාතික පාරිසරික (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (21) සිය සහතිකය සටහන් කළේය.
Political

ආබාධ සහිත තැනැත්තන් සඳහා වන විශේෂ පාසල් සහ උපකෘත පාසල් පද්ධතිය මුහුණ දෙන ගැටලු මෙන්ම එම ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ රැස්වීමක්  එම සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් සහ  අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සරත් ආනන්ද යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා  පැවැත්විණි.

Political

මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ තෙවැනි වාර්තාව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්. ගාමිණී රත්නායක මහතා විසින් පසුගියදා (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

Political
පළාත් සභා මැතිවරණයේ කාන්තා සහ තරුණ නියෝජනය ඉහළ නැංවීම සම්බන්ධයෙන්, මැතිවරණ කොමිෂන් සභාව විසින් සකස් කළ තාක්ෂණික වාර්තාවක් පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවහමුවට, ඉදිරිපත් කෙරිණි.
Political

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ

අපරාධකරුවන් නිසි පරිදි නීතිය ඉදිරියට ගෙන එනවා

දුෂිතයන්ට සහ වංචනිකයන්ට දඬුවම් ලබා දීම පිළිබඳ පොදුජන අපේක්ෂාවට වත්මන් ආණ්ඩුව පණ පොවනවා

අපිට ලැබුණු ජනවරමේ හරය අනුව මේ රාජ්‍යය ශිෂ්ටසම්පන්න රාජ්‍යයක් බවට පත් කරනවා

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ වසරේ අහෝසි කරනවා

අද රට දිගුකාලීන ස්ථාවර ගමනකට පය තබා තිබෙනවා

Political

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට සේවකයින් බඳවාගත් ආකාරය සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE/ කෝප්) විසින් වාර්තාවක් කැඳවනු ලැබීය.

Political

 පාර්ලිමේන්තු හෙට (21) සිට 24 දක්වා පැවැත්වීමට නියමිත අතර එම සතියට අදාළ කටයුතු තීරණය කර ඇති බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

Political

ජාතික පාරිසරික සංශෝධන පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීම පාර්ලිමේන්තුවේදී අද (24) සම්මත විය.

Political

“ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන)” පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය තමා වෙත ලැබී ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (19) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Political

අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනු කාරක සභාව විසින් අනුමත කරන ලද ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාවක් පිහිටුවීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුවේ අවසන් වාර්තාව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කර අනුමත කරන ලදී.

Political
පාර්ලිමේන්තුව අද (23) සිට (26) දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් හංස අබේරත්න මහතා සඳහන් කරයි.
Political

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (12) උදෑසන අල්ලස් කොමිසමට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව  ඉන් පිටය ගොස් තිබේ.