Wednesday, May 13, 2026
Follow Us
Political
  • ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ කොළඹ වරාය නගරය කොමිෂන් සභාව අතර සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් සකස් කරන ලෙසට නිර්දේශ 
  • මෙරට දේපළ සංවර්ධන සමාගම් දෙකක් විසින් මූලික ගෙවීමක් සිදුකළද වරාය නගරය කොමිෂන් සභාවේ අනුමතිය තවමත් ලැබී නොමැති ව්‍යාපෘති සම්බන්ධයෙන් ප්‍රවර්ධන දැන්වීම් පළකිරීම පිළිබඳවත් අවධානය -  ඒවා ඉවත් කරගන්නා ලෙස එම සමාගම්වලට  ලිඛිතව දැනුම් දුන් බව  කොමිෂන් සභා සභාපතිවරයා පවසයි
Political

යුද්ධයට සම්බන්ධ සියලු පාර්ශ්ව ඉතා ඉක්මනින් සාමය වෙනුවෙන් කැප වනු ඇතැ'යි ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.  

Political
පාර්ලිමේන්තුව අද (17) සිට (20) වන සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කරයි.
Political

විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත් දෙක සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා 2026.03.06 දින සිය සහතිකය සටහන් කළේය.

Political
 
• ක්ෂුද්රමූල්ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය මාර්තු 4 වැනිදා
• ජාත්යන්තර කාන්තා දිනය වෙනුවෙන් කල් තැබීමේ විවාදයක් මාර්තු 5 වැනිදා
Political
ජාතික ප්රසම්පාදන කොමිෂන් සභාවේ සාමාජික ධුරයේ ඇතිවී තිබෙන පුරප්පාඩුව සහ ඉදිරියේ ඇතිවීමට නියමිත පුරප්පාඩු පිරවීම සඳහා සුදුසුකම් ලත් තැනැත්තන්ගෙන් අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.
Political

 මෑත කාලීනව මෙරටට ආනයනය කරන ලද ගල් අඟුරු භාවිතයෙන් නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ අදාළ යන්ත්‍රෝපකරණවලට කිසිඳු හානියක් සිදු වී නොමැති බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පැවසීය.

Political
පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිවරයා සහ සාමාජිකත්වය නම් කෙරේ.
Political
 
• පාර්ලිමේන්තු විශ්රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පෙබරවාරි 17
 
Political

​හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම හරහා රටේ මර්දනයක් සිදුවන බවට විපක්ෂය එල්ල කරන චෝදනා පදනම් විරහිත බවත්, පසුගිය මාස තුනක කාලය තුළ එවැනි මර්දනයක් සිදුවූ එක් නිශ්චිත සිදුවීමක් හෝ පෙන්වා දෙන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

Political

මෝටර් වාහන පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදන 2ක් සඳහා  ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය පසුගියදා හිමිවිය.

Political

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත විවාදයට ගැනීමට දින නියම කර ඇත.

Political
  • කෝපා කමිටු නිර්දේශ ඇතුළත් වාර්තාවක්, පාර්ලිමේන්තු අනුමතිය මත නිරීක්ෂණයට සහ ඉදිරි කටයුතු සඳහා නීතිපතිවරයාට ඉදිරිපත් කරනු ලබන්නේ පළමු වරටයි. 

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අදාළව 2025 මාර්තු 10 සහ 2025 මාර්තු 21 දිනවල පැවති රජයේ ගිණුම් කාරක සභා රැස්වීම්වලදී ලබා දුන් නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සම්බන්ධ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර අනුමතිය ලබාගැනීමෙන් අනතුරුව අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සඳහා නීතිපතිවරයාට යොමු කිරීමට එම කාරක සභාවේ අනුමතිය හිමිවිය.        

Political

බැටරි ගබඩාකරණ පද්ධති ඉදිකරමින් පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයට කටයතු කරන බවත් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඊයේ (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය.

 ලංකාවේ ප්‍රථම වතාවට මෙගාවොට් 160ක විදුලිබල ගබඩාකරණ බැටරි පද්ධතිය ඉදිකිරීම ඉදිරි මාස 06ක් තුළ සිදුකිරීමට බලාපොරොත්තු වන බවත්, නුදුරේදීම තවත් මෙගාවොට් 300ක බැටරි ගබඩාකරණ පද්ධතියක් ඉදිකිරීමට ටෙන්ඩර කැඳවන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

තවද පුනර්ජනනීය බලශක්තිය උපරිම වශයෙන් විදුලිබල පද්ධතියට ලබාගැනීම සදහා සම්ප්‍රේෂණ පද්ධතිය ශක්තිමත් කරන අතරම ඉදිරියේදී තෝරාගත් ඉඩම්වල සූර්යබලශක්ති බලාගාර පිහිටුවීමේදී ඒ ආශ්‍රිතවම බැටරි ගබඩාකරණ පද්ධතිද ඉදිකිරීමට අවශ්‍යය මූලික පියවර ගනිමින් සිටින බවද තව දුරටත් ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේදී ඊයේ (17) මන්ත්‍රී සුරංග රත්නායක මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Political

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත ලැබී තිබේ.

Political

2026 මාර්තු 6 වැනි සිකුරාදා දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක් සිදු කිරීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය විය.

Political
  •  පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකයත් හිමිවෙයි

 පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත අද (17) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 152 කින් සම්මත විය.

Political

2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පෙබරවාරි 17 ආරම්භ කරනවා.

නිදහස් අධ්‍යාපනය කප්පාදු කරන්න හෝ ජයවර්ධනපුර දන්ත වෛද්‍ය පීඨය වහන්න හෝ තීරණයක් ගෙන නැහැ

කටකතා මත පදනම්ව පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අහන්න එපා

-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය-