22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනුකර ඇති සියලු පෙත්සම් අද (01) සලකා බැලීමට නියමිත බව වාර්තා වෙයි.
අගවිනිසුරු ප්‍රිති පද්මන් සුරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බැලීමට නියමිතව තිබේ.
22 යව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 18 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබු අතර ඉන් අනතුරුව එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙත්සම් ගොනුකිරීමට ඊයේ (31) දක්වා අවස්ථාව ලබාදී තිබුණි.
මෙම පනත් කෙටුම්පත මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතීයේ ආධිපත්‍යයට හානි වීම, එම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එය සම්මත කර ගැනීමට ජනමත විචාරණයකට යොමුකරන ලෙසත් ඉල්ලමින් පෙත්සම් ගොනුකෙරුණු අතර ඊට පක්ෂව සහ විපක්ෂව පෙත්සම් 40කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් වී තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව අදාළ පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරුවරයා විසින් පංච පුද්ගල විනිසුරුමඩුල්ලක් ඊයේ දිනයේ ප්‍රකාශයට ප්‍රකාශයට පත් කෙරිණි.