Tuesday, November 18, 2025
Follow Us
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ වැය ශීර්ෂ වැඩි ඡන්දයෙන් සම්මතයි
2026වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ දෙවැනි දිනය වන ඊයේ (17) විවාදයට ගැණුනු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්යාංශය වැය ශීර්ෂ (112) වැඩි ඡන්ද 80කින් සම්මත විය.

 

කාරක සභා අවස්ථා විවාදයෙන් අනතුරුව ඊයේ ප.ව 6.40 ට පමණ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ ගරු පාර්ලිමේන්තු මන්ත්රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්යාංශයේ වැය ශීර්ෂය සදහා ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 87ක්ද විපක්ෂව ඡන්ද 7ක්ද හිමි විය.
මේ අතර අද විවාදයට ගැනුණු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්යාංශය වැය ශීර්ෂය ද (110) වැඩි ඡන්ද 80 කින් සම්මත විය.
 
කාරක සභා අවස්ථා විවාදයෙන් අනතුරුව ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ ගරු පාර්ලිමේන්තු මන්ත්රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් සහ අකිල ඉලංකෙයි තමිල් කොංග්රස් පක්ෂයේ ගරු පාර්ලිමේන්තු මන්ත්රී ජී. ජී. පොන්නම්බලම් යන මහත්වරුන් විසින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්යාංශයේ වැය ශීර්ෂය සදහා ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 87 ක්ද විපක්ෂව ඡන්ද 7ක්ද හිමි විය.