පාර්ලිමේන්තු මන්ත්රී ඩී. වී. චානක මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව කථානායකවරයා පාර්ලිමේන්තුවේදී නිවේදනය කරයි.
ගරු පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130 (3) හි විධිවිධාන ප්රකාරව, 2025 නොවැම්බර් 18 දින තේරීම් කාරක සභාව විසින් ගරු පාර්ලිමේන්තු මන්ත්රී ඩී. වී. චානක මහතා එම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බව කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා අද (19) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.
එමෙන්ම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 116 හි විධිවිධාන සහ 2025 මාර්තු 19 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්රකාරව, ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 111 හි විධිවිධාන සහ 2025 මාර්තු 17 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්රකාරව, රාජ්ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්රී අජිත් පී. පෙරේරා මහතා තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව නිවේදනය කළේය.
තවද පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 111 හි විධිවිධාන සහ 2025 මාර්තු 17 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්රකාරව, පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සේවය කිරීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ චිත්රාල් ප්රනාන්දු මහතා ද , යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සේවය කිරීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්රී චතුර ගලප්පත්ති මහතා ද තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව කථානායකවරයා පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.