2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම (අයවැය කථාව) මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
අද ප.ව 1.30 ට පමණ අයවැය යෝජනා සමග ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ පිහිටි ජනාධිපතිවරයාගේ කාර්යාලයේ සිට සම්ප්‍රදායට අනුව වේත්‍රධාරීවරයා පෙරටුකොට ගනිමින් සභාගර්භයට පැමිණි අතර ප.ව 5.50 දක්වා අය වැය යෝජනා ඉදිරිපත් කරන ලදී.
නව රජයේ දෙවන අයවැය වන මෙම අයවැය නිදහස් ශ්‍රී ලංකාවේ 80 වැනි අයවැය ලෙස ඉතිහාසයට එක්වේ. විදෙස් තානාපතිවරුන්, ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශක ප්‍රධානීන්, විනිසුරුවරුන් ඇතුළු ආරාධිතයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 8 සිට 14 දක්වා දක්වා දින 6 ක් පැවැත්වීමට නියමිතය. අනතුරුව නොවැම්බර් 14 වැනිදා ප.ව 6.00 ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ.
ඉන් අනතුරුව 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 5 දක්වා සෙනසුරාදා දින 3ක්ද ඇතුළුව දින 17ක් පැවැත්වීමට නියමිතව ඇත. ඉන්පසු විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 5 වැනිදා ප.ව 6.00ට පැවැත්වේ.
මේ අනුව සමස්ත අයවැය විවාදය 2025 නොවැම්බර් 8 සිට දෙසැම්බර් 5දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.