Tuesday, May 05, 2026
Follow Us
Political

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත  අද (19) විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

Political

බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ සිටින, බහු කාර්ය කාර්ය සහයකයන් 35,000කට ආසන්න තරුණ තරුණියන් විවිධ දෙපාර්තමේන්තු යටතේ ස්ථිර කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, අද (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

Political

රටක් ලෙස විශ්වාසය තහවුරු කර ගැනීමට හැකිවීම තුළින් ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වී තිබෙනවා – ජනපති වෘත්තීය සමිති නියෝජිතයින්ට කියයි.

Political

තමන් විසින් සක්වල හරහා බස්රථ ලබා දෙන්නේ මේ රටේ නිදහස් අධ්‍යාපනය ලබන දුවාදරුවන්ට මිස කාගෙවත් ඥාති හිත මිත්‍රාදීන්ට නොවන බවත්, මේ උතුම් සත්කාරයට කුහකකම් නොකරන ලෙසත්, බස්රථ වැඩපිළිවෙළ පිළිබඳව අවශ්‍ය නම් සතියක විවාදයකට තමන් සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Political

එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී එක්ව කටයුතු කිරීමට 43 වන සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක, නව ලංකා නිදහස් පක්ෂයේ සභාපති කුමාර වෙල්ගම  සමග එකඟතාවයකට පැමිණ ඇත.

Political

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද වීමසීමට අදාළව ඊයේ (13) පෙරවරු 08.30 සිට පස්වරු 04.30 දක්වා කාලය තුළ එම පක්ෂ 11ක් සහ ස්වාධීන කණ්ඩායම්11ක්  ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Political

ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (18)පස්වරුවේ පැවැත්වෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කිරීමට අද පස්වරු 02.30ට මෙම රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තු කථානායකවරයා පැවසීය.

මෙම රැස්වීම හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම අවලංගු වන බවයි කථානායකවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේ.

මේ සඳහා විපක්ෂය කාරක සභාව රැස්වීම අවලංගු කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කළ ද මෙම රැස්වීම පැවැත්වීමට නියමිතය.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙකු වන හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත්වී තිබේ.

Political

ආණ්ඩුවක්, ඇමැති මණ්ඩලයක් වෙනස් කළ හැක්කේ මහ මැතිවරණයකිනි. පළාත් පාලන මැතිවරණයකින් පළාත් සභා හා  ප්‍රාදේශීය සභා  නියෝජිතයන් පත්වනවා  මිස ඇමැති මණ්ඩලය හෝ ආණ්ඩුව වෙනස් නොවන බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

Political

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය මාසයකින් කල් දැමීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ඊයේ (17) තීරණය විය.

Political

සියලු ජනකොටස්වලට අයත් ජනතාවගේ ප්‍රශ්න විසඳමින් සියලුදෙනා එකට ජීවත්වන ‍රටක් ගොඩනැඟීම වෙනුවෙන් සමාජ සාධාරණත්ව කොමසම ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාව බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Political

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත විවාදයට ගැනීම පිළිබඳ අවසන් තීරණය සඳහා ලබන බදාදා නැවතත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හමුවීමට තීරණය කරයි.

Political

ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ඉන්දියාවේ සහ චීනයේ එකඟතාව ලබා ගැනීමට පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(17) පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේය.

Political

පාස්කු නඩු තීන්දුවට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ට නියම කළ වන්දි මුදල සිය හිතමිතුරන්ගේ උපකාරයෙන් එකතු කර ගෙවා දමන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

Political

දේශපාලන පක්ෂ කිහිපයකින් සමන්විත නිදහස් ජනතා සන්ධානය එළිදැක්වීම අද (12) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී සිදු කෙරුණි.

Political

2016 පසු රාජ්‍ය සේවයට බඳවා ගත් අයටත් දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට තීරණයක් ගෙන ඇතත් එය ප්‍රායෝගික යෝජනාවක් ක්‍රියාත්මක කර නොමැති බව ග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

Political

එළැඹෙන පළාත් පාලන ආයතන මැතිවරණ සඳහා අද (14) පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්ව පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් රැසක් ඇප  තැන්පත් මුදල් භාර දී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Political

මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්ෂ ලේකම්වරුන් අතර පළාත් පාලන මැතිවරණය පිළිබඳ සාකච්ජාවක් අද (11) පැවැත් වේ.