ලබන මාර්තු 09 පළාත් පාලන අයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද නැවත නිකුත් දැනුම් දෙනතුරු කල් දමා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මධ්‍යස්ථාන 1116කදී ලබන 15 තැපැල් ඡන්දය නිකුත් කිරීමට සියලු කටයුතු සූදානම්ව පැවති බව කොමිෂන් සභාව සඳහන් කළේය.
නමුත් පාලනයෙන් තොරව නොවැළැක්විය හැකි හේතුවක් මත තැපැල් ඡන්ද නිකුත් කිරීම සඳහා ඡන්ද පත්‍රිකා ලබා ගැනීමට නොහැකි බැවින් නියම කළ දින තැපැල් ඡන්ද නිකුත් කිරීම නොකරන බව ද කොමිෂන් සභාව පෙන්වා දෙයි.
තැපැල් ඡන්ද නිකුත් කිරීමේ දිනය ඉදිරියේදී දැනුම් දෙන බව ද එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි .