Friday, November 07, 2025
Follow Us
තැපැල් ඡන්ද 36,000ක් අවලංගු වෙයි 

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අයඳුම්පත් 36,000 ක් පමණ අවලංගු වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව වාර්තා කර තිබේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඒ බව තහවුරු කළේය. 

ඔහු පැවසුවේ, පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා නියම කළ පෙබරවාරි 22, 23 සහ 24 දිනවලදී ඡන්දය සලකුණු කිරීමට සුදානම් කර ඇති බවයි. 

එම දින තුන තුළ තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන ඡන්දදායකයන්ට පෙබරවාරි 28 වැනිදා අදාළ ආයතනය පිහිටි දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරීවරයා ඉදිරියේ ඡන්දය සලකුණු කළ හැකි බව ද සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.  

 

Dinamina