Friday, November 07, 2025
Follow Us
මැතිවරණය කල්දාන්න කටයුතු කරන නිලධාරීන්ට නඩු දානවා - අනුර කුමර 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මැතිවරණය කල්දැමීමට කටයුතු කරන නිලධාරීන්ට එරෙහිව තම ආණ්ඩුවක් යටතේ නඩු පවරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

මොනරාගල පැවති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මැතිවරණය කල්දැමීමට කටයුතු කරන රජයේ මුද්‍රණාලයාධිපතිනිය සහ මහ භාණ්ඩාගාරයේ ලේකම්වරයාට තම ආණ්ඩුවක් යටතේ නඩු පවරන බවය.

එසේ බාධා කරන නිලධාරීන් වසර 3කට හිරේ යවන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.