Friday, November 07, 2025
Follow Us
මෛත්‍රීගේ ජනපති යෝජනාව සම්මතයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යළිත් වරක් ජනාධිපති ධුරයට තරග කළ යුතු බවට වන යෝජනාවක් නිදහස් පක්ෂය විසින් සම්මත කරගෙන තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ථ ලංකා කාරක සභා රැස්වීම අද (11) පෙරවරුවේ ඩර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විය.

මෙම කාරක සභාව පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඊට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් රැසක් එක්ව සිටි බව වාර්තා වෙයි.

මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් ද මීට එක්වී සිටි අතර එහිදී අදාළ යෝජනාව සම්මත වී ඇති බව වාර්තා විය.

ARUNA