පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව්. එම්. ආර්. විජේසූන්දර දිරිපත් කළ පෙත්සම ලබන 23 වනදා ට පෙර සලකා බැලීම සඳහා කැඳවන ලෙස ඉල්ලමින් ගොනුකළ මෝසම සලකා බැලීමට අනවශ්‍ය බව ඔහුගේ නීතිඥවරු අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම පෙර නියම කළ පරිදි ලබන 23 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.
එම මෝසම අද එස්.තුරෙයි රාජා සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා ඇත.