Friday, November 07, 2025
Follow Us
මැතිවරණයට මුදල් දීම  අසීරු තත්ත්වයක

පවතින ආර්ථික දුෂ්කරතා යටතේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මුදල් ලබාදීම අසීරු බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දුන් බව වාර්තා වෙයි.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා සිදුකළ සාකච්ඡාවේදි මේ ව දැනුම් දී ඇත.

මුදල් අමාත්‍යාංශ නිලධාරීන් එහිදි පෙන්වා දී ඇත්තේ ඉකුත්දා නිකුත් කෙරුණු චක්‍රලේඛයක් හේතුවෙන් අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් මුදල් වෙන් කිරීමට හැකියාව පවතින බවයි. එසේ වුවද මැතිවරණ කටයුතු එම චක්‍රලේඛය යටතේ අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කර නොමැති බව එම නිලධාරීන් මැතිවරණ කොමිසමට දැනුම්දී ඇත.ඒ අනුව අත්‍යවශ්‍ය සේවා ගණයට අයත් නොවන ආයතන වෙත මුදල් නිකුත් කිරීමට නම් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය ලබාගත යුතු බවයි මුදල් අමාත්‍යාංශ නිලධාරීන් පෙන්වා දී ඇත්තේ.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ලබන 22, 23, 24 සහ 28 යන දිනවල පැවැත්වීමට තිබූ තැපැල් ඡන්ද පත්‍රිකා සලකුණු කිරීම එම දිනවල සිදු නොකරන බව මැතිවරණ කොමිසම නිල වශයෙන් දැනුම් ඇත.