Sunday, June 21, 2026
Follow Us
අද පාර්ලිමේන්තුව රැස් වෙයි

අද (21) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට ප.ව. 5.00 දක්වා ශ්‍රී ලංකා තේ මණ්ඩල පනත යටතේ නියෝග හතරක් සහ සමාගම් පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතයි.

අනතුරුව, ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය ගෙන එන යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට ද නියමිතය.