විපක්ෂය ගෙනෙන යෝජනාවට අනුව ‘සර්ව ජන ඡන්ද බලය’ පිළිබඳ සභාව කල්තැබීමේ දෙදින විවාදය සඳහා මාර්තු 9 සහ 10 දෙදින වෙන් කෙරේ.
මාර්තු 9 පැවැත්වීමට නියමිත පළාත පාලන ආයතන ඡන්ද වීමසීම එදිනට නොපැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.
මාධ්‍ය පිළිබඳව යම්කිසි ප්‍රමිතියක් ඇති කළ යුතු බවත් ඉදිරියේදි මාධ්‍ය අධිකාරි පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (23) පැවසීය.
එක්සත් ජාතික පක්ෂය කඩාගෙන ගිය කිසි කෙනකුට හරි නොගිය බව එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසීය.
මහලේකම්වරයා මේ බව පැවැසුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ඊයේ (27) පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව හෙට (24) රැස්වී සාකච්ඡා කර තීරණයක් ගන්නා බව එම කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා පවසා ඇත.
ගංගාරාම පෙරහර නැරඹීමට පැමිණි තමන් සමඟ එකට වාඩිවී සිටි විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම පළාත් පාලනය මැතිවරණය කල් දමා ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටි බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පවසයි.
මහා අධික මුදලක් වියදම් කර නිදහස් උළෙල සැමරීම සිදු කළත් සර්ව ජන ඡන්ද බල අයිතිය ලබා දෙන ඡන්දය තැබීමේ හැකියාවක් රජයට නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
වරාය, විදුලිය, තෙල්, බංකු,වෛද්‍ය , සරසිවි ඇතුළු ක්ෂේත්‍ර රැසක් හෙට වර්ජනයේ නියැලීමට නියමිත බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගණයේ දි පැවැත්වීමට නියමිතව තිබූ මංගල ජන රැළිය කල් දැමීමට තීරණය කර තිබේ.
අද (22) පාර්ලිමේන්තුව පෙ.ව 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට ප.ව. 5.00 දක්වා කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග දෙකක් විවාදයට ගැනීමට නියමිතයි.
තවත් සති දෙකක් ගතවීමට පෙර නව සන්ධානයක් පිහිටුවන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.
පළාත් පාලන මැතිවරණය නියමිත දිනට පැවැත්වීම වලක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස විශ්‍රාමික කර්නල් ඩබ්.එම්.ආර් විජේසුන්දර ගොනු කළ රිට් පෙත්සම මැයි 11 තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) තීන්දු කළේය.
මැතිවරණය පැවැත් විය යුතු බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීයෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පවසා ඇත.
පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයෙන් ඉවත්වීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා තීරණය කර තිබේ.
ඇතැම් වෘත්තිය සමිති සහ කණ්ඩායම් ජනතාවට අඛණ්ඩව සේවා සැපයීමෙන් ඉවත් වීම හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට නොහැකි වීම හේතුවෙන්, අත්‍යාවශ්‍ය මහජන සේවා පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සිදු වූ බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී ගත් ඒකමතික තීරණයකට අනුවය.එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන සාමාජිකයින් 1137 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළ බව වාර්තා වෙයි.
Page 75 of 553