අද (21) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට ප.ව. 5.00 දක්වා ශ්‍රී ලංකා තේ මණ්ඩල පනත යටතේ නියෝග හතරක් සහ සමාගම් පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතයි.
පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවීමට පියවර ගන්නා ලෙස නිදහස් ජනතා සන්ධානය අග්‍රාමාත්‍යවරයාගෙන් හා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව්. එම්. ආර්. විජේසූන්දර දිරිපත් කළ පෙත්සම ලබන 23 වනදා ට පෙර සලකා බැලීම සඳහා කැඳවන ලෙස ඉල්ලමින් ගොනුකළ මෝසම සලකා බැලීමට අනවශ්‍ය බව ඔහුගේ නීතිඥවරු අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ඡන්දදායකයා විසින් ඡන්ද පොළේ දී තම අනන්‍යතාවය තහවුරු කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර තිබේ.
සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාට පැවැරී ඇති බලතල ප්‍රකාරව මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති නොයෙල් දසන්ත ස්ටීවන් මහතා එම ධුරයෙන් තාවකාලිකව ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අයඳුම්පත් 36,000 ක් පමණ අවලංගු වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව වාර්තා කර තිබේ.
වර්තමානයේ රටට සිදුව ඇති ඛේදවාචකයට ජනතා විමුක්ති පෙරමුණ සෘජුවම වග කිවයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මැතිවරණය කල්දැමීමට කටයුතු කරන නිලධාරීන්ට එරෙහිව තම ආණ්ඩුවක් යටතේ නඩු පවරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යළිත් වරක් ජනාධිපති ධුරයට තරග කළ යුතු බවට වන යෝජනාවක් නිදහස් පක්ෂය විසින් සම්මත කරගෙන තිබේ.
පවතින ආර්ථික දුෂ්කරතා යටතේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මුදල් ලබාදීම අසීරු බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දුන් බව වාර්තා වෙයි.
ලබන මාර්තු 09 පළාත් පාලන අයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද නැවත නිකුත් දැනුම් දෙනතුරු කල් දමා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මැතිවරණ කටයුතු සංවිධානය කිරීම පිළිබඳව දිස්ත්‍රික් මාණ්ඩලික නිලධාරීන් සමඟ සාකච්ඡාවක් අද (11) මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්විණි.
විදුලිබල මණ්ඩලයේ පාඩුව ජනතාව මතම පැටවීම වෙනුවට, එහි විගණනයක් සිදුකර දූෂණය හා නාස්තිය නවැත්වීමට පියවර ගත යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම නිවේදනය කර තිබෙන මෙම කාලය තුළ රජයේ කාර්යාල හෝ ආයතන තුළ ඡන්ද ආයාචනා කිරීමෙන් අත් පත්‍රිකා බෙදීම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජනබල වේගයේ මතය රටට හෙළි කරන ලෙස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) පැවසීය.
Page 76 of 553