Thursday, November 06, 2025
Follow Us
හති වට්ටලා මාලිමාව නවත්වන්න බෑ

මාලිමාව පැමිණ තිබෙන්නේ මැරතන් දිවීමට බවත් මාලිමාව හති වට්ටා නැවැත්විය නොහැකි බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඔහු එසේ ප්‍රකාශ කළේ, ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පසුගිය දිනවල පැවැති ජන රැලි කිහිපයක් අමතමිනි.

වේදිකාවෙන් බැසීමට නොහැකි පුද්ගලයන්ව මහජන බලය තුළින් වේදිකාවෙන් බැස්සවිය හැකි බව ද සඳහන් කළේය.

යුද්ධය අවසන් වූවා, කොවිඩ් අවසන් වූවා, කුඩු ඉවර වූවා කියා රටක් ගොඩ නොයන බව කී ජාතික ජන බලවේගයේ නායකයා, රටක් ගොඩ යෑමට නම් රටේ සමස්තය වෙනස් විය යුතු යැයි ද පැවසීය.

ජාතික ජන බලවේගය මේ රටේ ආණ්ඩුවක් සාදා රටේ සමස්තයම ගොඩනඟන බව ද මෙහිදී සඳහන් කළ අනුර කුමාර දිසානායක මහතා වංචා, දූෂණ, නාස්තියෙන් තොර ආණ්ඩුකරණයක් කරන බව ද කීය.

Dinamina