ශ්‍රී ලංකාවේ බලය විමධ්‍යගත කිරීම සඳහා පිහිටුවා ඇති ප්‍රධාන ආයතන දෙකම අද සිට වක්‍රාකාරයෙන් ජනාධිපතිවරයාගේ පාලනයට නතුවන බවත් මේ තත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදය තුළ කිසිවෙකුට එකඟවිය නොහැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (20) පැවසීය.
පළාත් පාලන ආයතනයක බල සීමාවක සිටින ජනතාවගේ එදිනෙදා කටයුතු, සෞඛ්‍ය ආරක්ෂිතතාව, විවිධ කාරණ සම්බන්ධයෙන් මැදිහත් වීමට බලය විමධ්‍යගත කිරීමේ කුඩාම ඒකකය පළාත් පාලන ආයතන බව කී ඒ මහතා බලය විමධ්‍යගත කිරීමේ අනෙක් ව්‍යුහය වන පළාත් සභා රට තුළ ක්‍රියාත්මක වුවද ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස මහජන නියෝජිතයන්ගෙන් තොරව බව ද සඳහන් කළේය.
ජනාධිපතිවරයා පත්කළ ආණ්ඩුකාරවරු 9 දෙනෙක් පළාත් සභා පාලන කරන බවත් පළාත් සභා පවත්වාගෙන යන්නේ නම් මහජන නියෝජිතයන් හරහා පාලනය වියයුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිගින් දිගටම හඩනැඟූ බවත් කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය.