ජත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට මුදල් දීමට සූදානම් වෙද්දී එය කෙසේ හෝ කඩාකප්පල් කිරීමට පිරිසක් උත්සාහ කරන බව කම්කරු හා විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා පවසයි.
රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මධ්‍යම පළාත් විදේශ රැකියා ප්‍රවර්ධන නිලධාරීන්ගේ ප්‍රගති සමාලෝචන රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද කීවේය.
"රටේ ප්‍රශ්න උග්‍ර වීම ඔස්සේ ජනතාව පීඩාවට පත්වෙද්දී එයින් බලය ගැනීමට බලා සිටින පිරිසක් සිටිනවා. ජත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට මුදල් දුන්නොත් ඔවුන්ගේ අරමුණු ඉටු වන්නේ නෑ.
ලක්ෂ 12කට වැඩි ආදායමක් ලබන අයගෙන් බදු අය කිරීමට ගෙන තිබූ තීරණය 2019දී ලක්ෂ 30ක් දක්වා වැඩි කිරීම නිසා රජයේ ආදායම අඩු වුණා. මේ යථාර්ථය අප තේරුම් ගත යුතුයි."