Thursday, November 06, 2025
Follow Us
ඇමැතිවරුන් පත් කිරීම තවත් කල් යයි

නව කැබිනට් මණ්ඩලය( ඇමැතිවරුන්) පත් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  පළමු වාරිකය ලැබුණු පසු කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

මුදල් ප්‍රශ්නය හේතුවෙන් අලුතින් ඇමැතිවරුන් පත් කිරීම මේ අවස්ථාවේදී සුදුසු නැති බව ආර්ථික විශේෂඥයන් රජයට කරුණු පෙන්වාදී ඇත.

අලුතින් ඇමැතිවරුන්  දොළොස් දෙනකු   පත් කිරීමට රජය මුලින් තීරණය කර තිබිණ.

ඇමැතිවරුන් ලෙස පත් කිරිම සඳහා  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දස දෙනකුගේ ලැයිස්තුවක්ද එම පක්ෂය විසින්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පසුගියදා බාරදෙනු ලැබීය.

එහෙත් එම ලැයිස්තුවෙන් පත් කෙරුණේ පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය පමණි.

අලුත් ඇමැති ලැයිස්තුවට එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර  අබේවර්ධන මහතාද  පත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

Lankadeepa