Thursday, November 06, 2025
Follow Us
පාර්ලිමේන්තුව අද රැස් වෙයි


අද (22) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.


අනතුරුව, පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා, අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතයන් දෙකක්, විසර්ජන පනත යටතේ යෝජනා සම්මතයන් හයක් සහ රේගු ආඥාපනත යටතේ යෝජනා සම්මතය විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිතයි.


ඉන් අනතුරුව, ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත.