Thursday, November 06, 2025
Follow Us
විශ්වවිද්‍යාල සිසුන්ට ණය දෙන යෝජනාවක්

රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල සිසුන් සඳහා උසස් අධ්‍යාපනය සඳහා ලබා දෙන ණය යෝජනා ක්‍රමය එළඹෙන සතියේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මෙම ණය යෝජනා ක්‍රමය ලබා දීම සඳහා මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ලැබී තිබේ. මෙම ණය යෝජනා ක්‍රමය ලංකා බැංකුව මගින් පමණක් නොව තවත් බැංකු තුනක් මගින් සිසුන් 5000ට වැඩි ප්‍රමාණයක් දක්වා ලබාදීමට කටයුතු පුළුල් කර තිබේ.

එළඹෙන සඳුදායින් පසු ඒ සඳහා අවශ්‍ය රෙගුලාසි නිකුත් කරන බවද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.