Thursday, November 06, 2025
Follow Us
පාඨලීට සභාපති ධූරයක් හිමි වෙයි

පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය පිළිබඳ ස්ථාවර කමිටුවේ සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක අද (23) නිතරඟයෙන් තේරී පත් විය.

එම ස්ථාවර පාර්ලිමේන්තු කමිටුවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු සියළු ආදායම් ආයතන අධීක්ෂණය කිරීම, බදු සහ තීරු බදු විමර්ශනය කොට නව අදහස් වාර්තා කිරීම සහ ප්‍රගති සමාලෝචනය, විදේශ වෙළෙඳ ගිවිසුම් සහ ඊට අදාළ කරුණු අධීක්ෂණය කිරීම,සමාජ සුබසාධනය සම්බන්ධ රාජ්‍ය වියදම් ක්‍රියාදාමය අධීක්ෂණය කිරීම, ආපදා කළමනාකරණ ක්‍රියාවලිය සම්බන්ධ ක්‍රියාදාමය අධීක්ෂණය කිරීම ඇතුළු මුදල් අමාත්‍යාංශ විෂය පථයෙන් වැඩි කොටසක් සමාලෝචනය සහ අධීක්ෂණය කිරීමේ බලතල හිමි වේ.

 

කතානායකවරයා විසින් අප්‍රේල් මස මුල් සතියේ දී මෙම ස්ථාවර කමිටුවේ ආයතන 06 ක වැඩ බෙදීමට අදාළව ඉදිරි කාලයේ දී නීති සහ තාක්ෂණිකව සිදු කළ යුතු වෙනස්කම් සම්බන්ධයෙන් ප්‍රකාශනයක් සිදු කිරීමට නියමිතය.