යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පසුගියදා තේරී පත්විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (නීතිඥ) තලතා අතුකෝරල මහත්මිය සහ නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ යෝජනා ස්ථිරත්වයෙන් ඒ මහතා තෝරා පත්කර ගැනිණි.
‘යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ’ පළමු රැස්වීම පසුගිය 23 දින පාර්ලිමේන්තුවේදී පැවති අවස්ථාවේදී සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සිදුවිය.
මෙහිදී අදහස් දැක්වූ අභිනව සභාපති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසා සිටියේ, රටේ නීතිය හා යුක්තිගරුකභාවය සම්බන්ධව කටයුතු කරන ආයතන පිලිබඳ මහජනතාවගේ මතය විමසා, ඒ අනුව එම ආයතනවලට දිරිගැන්වීමක් සහ මගපෙන්වීමක් ලබාදීමට නව ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් අපේක්ෂා කරන බවයි.