ත්‍රිවිධ හමුදාව කිසිවිටකත් දේශපාලනයට ගාවා නොගන්නැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඉල්ලා සිටී.
විශ්‍රාමික හමුදා නිලධාරින් විශාල සංඛ්‍යාවක් මේ වන විට දේශපාලන කටයුතු වල නිරත වන බවත්, වගකීමෙන් යුතුව තම දේශපාලන කටයුතු කරන්නැයි එවැනි නිලධාරින්ගෙන් ඉල්ලා සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරින් කිහිපදෙනෙක් සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, රටේ ආරක්ෂාව සහ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීම රජයේ වගකීම බවයි.
අපි මේ ගමන් කරන්නේ බොහොම සංකීර්ණ යුගයක මේ යුගයේ රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු හිදැසක් තියන්න බැහැ. රාජ්‍ය ආරක්ෂාව සහ රටේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීම රජයේ වගකීම. සක්‍රීය සේවයෙන් ඉවත් වී දේශපාලනය කරන නිලධාරින්ගෙන්, තම දේශපාලනය වගකීමෙන් කරන්න කියා ඉල්ලා සිටින ලෙස ද රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.