රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මඟින් ඉන්දියාවෙන් තවත් බිත්තර ලක්ෂ 10 ආනයනය කළ බව වාර්තා වෙයි.
ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) (සාමාන්‍ය ව්‍යවහාරයේ “ක්‍රිප්ටෝ” ලෙසද හඳුන්වන ලබන) සම්බන්ධයෙන් වූ මෑත කාලීන මහජන විමසීම් සහ නිරීක්ෂණය වූ වර්ධනයන් සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රිප්ටෝ මුදල් භාවිතය සහ එහි ආයෝජනය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු අවදානම් පිළිබඳව මහජනතාවට නැවතත් අවධාරණය කර සිටියි.
මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳ පොළට පිවිසීම සඳහා විදෙස් සමාගම් තුනකට අනුමැතිය ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
උද්ධමනය තවත් පහළ ගොස් ඇති බව නවතම දත්ත අනුව වාර්තා වෙයි.
එළැඹෙන සිංහල අවුරුදු සමය වන විට ඉන්ධන මිල තවත් අඩු වී ආනයනික බිත්තර හිඟයක් නොමැතිව බේකරි වලට ලැබෙන්නේ නම් එම සහනය සිංහල අවුරුද්දට ජනතාවට ලබාදීම සඳහා බේකරි නිෂ්පාදනවල මිල අනිවාර්යෙන්ම අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ මෙන්ම අනෙකුත් අමාත්‍යංශ යටතේ ඇති එක් එක් ආයතනවල වාර්ෂික වාර්තා අප්‍රමාදව පාර්ලිමේන්තුවට ලබාදීම, එම ආයතන ප්‍රධානීන්ගේ සහ අමාත්‍යංශ ලේකම්වරුන්ගේ වගකීමක් බවත්, එමනිසා එම වාර්තා ඉක්මනින් පාර්ලිමේන්තුවට ලබාදීමට කටයුතු කරන ලෙසත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (31) යළි ඉහළ ගොස් තිබේ.
සිංහල අවුරුද්දට පෙර වී වගා කළ සියලුම ගොවීන්ට මූල්‍ය සහනය ලබා දෙන බවත් මෙම මාසය අවසන් වීමට පෙර මඩ පොහොර බෙදා අවසන් කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
හෙට (03) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 12.9කින් පහළ දැමු බව වැඩබලන ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 2020 සහ 2021 වර්ෂවලට අදාළව විගණකාධිපති වාර්තාවෙන් මතු කර ඇති ගැටලු සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීම සදහා පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව පසුගියදා රැස්විය.
The Colombo stock market bounced back yesterday with improved turnover due to strategic deals.
අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කරන බව බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා පවසයි.
හෙට (27) සිට කිරි තේ කෝප්පයක මිල රුපියල් 90ක් වන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසයි.
හරිත ආර්ථිකයක් සඳහා ශ්‍රී ලංකාවේ ඇති විභවය යහපත් බවත් රට කඩිනමින් ඊට යොමුවෙමින් ඩිජිටල්කරණයද ආරම්භ කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එළවළු තොග ලැබීම ඉහළ යෑම සහ අඩු මිලට ගොවීන්ගෙන් එළවළු තොග ලැබීම නිසා පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ පොළේ එළවළු මිල ගණන් සීඝ්‍රයෙන් පහත වැටී තිබේ.
Page 75 of 274