Sunday, May 11, 2025
Follow Us
කාන්තා ආර්ථිකය සවිබල ගැන්වීමට IORA දැනුම්වත් කිරීමට පියවර

කාන්තා ආර්ථිකය සවිබල ගැන්වීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉන්දියානු සාගර රිම් සංගමය (IORA) දැනුම්වත් කිරීමට ශ්‍රී ලංකාව පියවර ගෙන තිබේ.

ඉරානයේ ටෙහෙරාන් නුවරදී පැවති ඉන්දියානු සාගර රිම් සංගමයේ (IORA) කාන්තා ආර්ථික සවිබල ගැන්වීමේ ක්‍රියාකාරී කණ්ඩායමේ 07 වැනි රැස්වීමට සහභාගී වෙමින් ඉරානයේ ශ්‍රී ලංකා තානාපති විශ්වනාත් අපොන්සු මහතා මේ බව සඳහන් කර ඇත.

ඉරානයේ කාන්තා සහ පවුල් කටයුතු පිළිබඳ උප ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කඩිජේ කරිමි මහතා විසින් එම රැස්වීම මෙහෙයවා තිබෙන අතර, ඒ සඳහා ඉන්දියාව, බංග්ලාදේශය, මාලදිවයින, මැලේසියාව, මොරිෂස්, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඇතුළු IORA සාමාජික රටවල් 14ක ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් සහ ඉහළ පෙළේ නියෝජිතයන් සහභාගී වූ බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි. කාන්තා ආර්ථික සවිබල ගැන්වීම, නවෝත්පාදන, අත්දැකීම් සහ හොඳම භාවිතය සහ කාන්තාවන් සහ දූෂණයට එරෙහි සටන ආදිය සම්බන්ධයෙන් මෙහිදී දේශන පවත්වා තිබේ.

Dinamina