Thursday, April 25, 2024
Follow Us
චීන සංචාරකයන් වැඩි කිරීමට චීනයෙන් සහය

චීන ජාතික සංචාරකයන් වැඩි ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය සහය ලබා දෙන බව චීන සංචාරක සමූහ ව්‍යාපාරයේ (C.T.S.) සභාපති Chen Yim මහතා පවසයි.

 

ඒ අනුව චීන ජාතික සංචාරකයන් වැඩි ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය සහය ලබාදීමටත් ,ඒකාබද්ධ ප්‍රවර්ධන කටයුතු සඳහා අවස්ථාව ලබාගැනීමටත් එකඟත්වය ලැබී ඇත.

එසේම ගෝලීය වසංගත තත්ත්වයට පෙර පැවති අයුරින් චීනයේ සිට සෘජු ගුවන් ගමන් සේවා ගෙන්වා ගැනීම යථාවත් කරගැනීමටත්, චීනයේ ඇති දැනට ගුවන් ගමන් සේවා ආරම්භ කර නොමැති ගුවන් සමාගම්වලට ඒ සඳහා ආරාධනා කිරීමටත් සංචාරක අමත්‍ය හරී්න් ප්‍රනාන්දු මහතා කළ යෝජනාවන්ට චීන සංචාරක සමූහ ව්‍යාපාරයේ (C.T.S.) සභාපති Chen Yim මහතා ප්‍රධාන දූත පිරිස එකඟතාවය පළ කර තිබේ.

චීන ජනරජයේ සංචාරක සේවා සපයන ප්‍රධානතම ආයතනය වන චීන සංචාරක සමූහ ව්‍යාපාරයේ(C.T.S.) සභාපති Chen Yim මහතා ප්‍රධාන දූත පිරිස පසුගියදා දිවයිනට පැමිණි අවස්ථාවේ සංචාරක අමත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර පැවති විශේෂ සාකච්ඡාවේදී මෙම එකඟතාවන්ට එළඹ තිබේ.
‍‍එමෙන්ම කොළඹ වරාය නගරයේ ආරම්භ කිරීමට නියමිත තීරුබදු රහිත වෙළද සංකීර්ණය හා එයින් කොළඹට පැමිණෙන සංචාරකයන්හට ලැබෙන සේවා පිළිබඳව ද මෙහිදී පුළුල් වශයෙන් සාකච්ඡා කෙරිණි.