Wednesday, March 26, 2025
Follow Us
ණය පොලී අනුපාත 2.5%කින් අඩු වෙයි

මහ බැංකුවේ පොළී අනුපාත අඩු කිරීමත් සමග මෙරට වාණිජ බැංකුවල ණය පොලී අනුපාතිකය සියයට 2.5 කින් අඩුවන ඇති බවට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

 

මහ බැංකුව විසින් ඊයේ සිට පොලී අනුපාත අඩු කිරීමේ වාසිය වාණිජ බැංකු හරහා පාරිභෝගිකයන් වෙත ඉදිරියේදී ලැබෙනු ඇති බවද රාජ්‍ය අමාත්‍ය පෙන්වා දෙයි.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ සියයට 2.5 කින් ඉදිරියේ දී වාණිජ බැංකුවල ණය පොලී අනුපාතිකය අඩු වනු ඇති බවයි, ඒ සඳහා අදාළ නියාමනය මුදල් අමාත්‍යාංශය මගින් සිදුකරන බවද සියඹලාපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.