Sunday, April 20, 2025
Follow Us
Poems
සේදවන් පාර යලි මල් වලින්
වැහැරෙන්න..

Poems
ඇඳගෙන සුදු ඇඳුම පාසල් ගිය කාලේ
තිබුණා නිදහසක් නැතිවට

Poems

කියාගන්නට බැරිව ලතවෙන
පිරිමි හිත් නම්

Poems
හිත අස්සේ පැලවෙච්ච
හරි පරිස්සමින් රැක ගත්ත

Poems

දුවේ නුඹ මට සිහිනයක්
ඉටු නොවන කිරි සිහිනයක්

Poems
නවත්වා සැඩ මාරුතය උන්
හමා යනු මුදු ලෙස කියා

Poems

මිනිහෙක් වැටෙන්න ඕනමයි
ඇස් රතු වෙනකන් අඩන්න ඕනමයි

Poems
ළං වෙලා නුඹ මගේ ළඟින්
උන්නු කාලය සිහිවෙලා හොරෙන්

Poems

දුර ඉඳන් කරණ ප්‍රේමය සුන්දරය
දුර වන තරමට හදවත් ලං වේය

Poems
හරි අහම්බෙන් ලැබුණු
ඔයාගේ ආත්මයට

Poems
යකූ අක්කන්ඩියෙ මේ අහපිය
කුඩේ යට උඹ උගේ පච අහනව දිගටම....

Poems

එකම මගක ගිය ඒ කාලේ පැතුම් අතුරලා,
සඳට කි කතා තනිවේවි හැගුම් ගොළුවෙලා,

Poems

මට හමු වූ කිසිවෙකුටත්
මා විසින්ම මා දොස් පවරන්නේ නැත...

Poems

තාත්තා කිව්වාට අම්ම සුර අඟනක්
පිළිගන්නෙ නෑ තවම ස්කෝලෙ කවුරුත්

Poems
මතක් වුනු වෙලාවක
අපි ආයේ අසා ඉමු
වසන්තය එනවා කී
ඔබෙ එ කවි සින්දු
මගහැරුනු තැනක අපි
තාල පද වැල් මියුරු
එකින් එක විමසුමද
ගිම්හානයේ තතු
සද නිවපු අහසකදි
තරු උනත් ලං වේවි
සොදුර නුඹ මා ලගදි
ඇයි කොමල කතා නැති
තෙත් රැදුනු දෙතොල් මත
වස්සාන හාදු රැදි
නුරා ගි කවියක්ය
කෙදිරිල්ල සවන් මතු
 
-හසිත ජයනෙත්ති
Poems
මිනිහෙක් වැටෙන්න ඕනමයි
ඇස් රතු වෙනකන් අඩන්න ඕනමයි

Poems
ඈතින්ම හමා ආ....
මුදු සීත නල අතර
මට හෙමින් ලං වුණා...
මම ආස ඔය සුවඳ
වැව් ඉවුරේ රැළි අතර...
සොයන්නෙම මම තවම
මට අහිමි වුණු නුඹේ...
මගේම වුණු ආදරය
සුලඟිල්ල අත දරා...
උරහිසට බරව ගිය
පා අතර යට නොවූ...
වැලි කැටක් තිබෙනවාද
බිම බලාගෙන ඉතිං ...
වැව රවුම පුරාවට
සොයනවා මම තවම...
මට අහිමි වූ නුඹව
අත රැඳුණු සියපතක...
පැන් උනේ කඳුළු කැට
සිතේ සියවර රැඳුණු...
නුඹයි මගේ හීනයම
නැවත නොඑනා ලෙසක...
නුඹ ගියත් දුර ඈත
මතක මංපෙත් අතර...
රැඳුනේ නුඹ පමණි මට
 
-අනූ... සාරංග ...
Poems

කඳුළු අතරින් හිනැහෙන මව්වරු
ඒ වේදනාව මෙතරම්
දරුණුද
ජිවිතයේ මේ වනතුරු
මා ඒ වේදනාව විද නැති
ඒ නම් මාතෘත්වය.......
ලබන්නට පින්කර
ඇතිමුත්
එයත් වේදනාවකි

එක් මොහොතකට.......
නමුත් සියළු වේදනා
විඳදරා ඒ රන්කැටි බිළිඳු
මෙළොවට බිහිකර
ඒ සිඟිති මුව කමල දුටු විට
ඉතින් පවසන්න
ආදරණිය මව්වරුනි
වින්ද වේදනා සියල්ල
එක මොහොතින්
පහව ගියා නොවේ ද
ඉතින් ඊළඟ නිමේෂයේ
අපේ අම්මාවරුන්ගෙ දෑස්වල
අපි දකින්නෙ
සතුටු කඳුළුම විතරමයි
මාතෘත්වය නම් එයමයි
දැරිය නොහැකි
ලොකු වේදනාවක්
උරුම කරදුන්නද
තමා බිහි කළ දරුවාගේ
සිඟිති රුව දුටු කළ
සියළු වේදනාවන්
පහවි යයි ඒ නිමේෂයෙන්
ඉතින් අම්මාවරුනි
මාතෘත්වය වදනින්
කිවනොහැකි තරම්
උතුම්
කිසිදිනක නොකරනු
එයට අවමන්.....

Dahamdi Yashodara