Thursday, September 24, 2026
Follow Us
හුදෙකලාවත් කලාවක් වූ කල
හුදෙකලාවත් කලාවක් වූ කල
පෙම මුලාවක් හදෙහි සෝ ලන
සිත කොහේවත් ඉගිල යාවෙන
කළු වළාවක් රැයෙහි පාවෙන
රැයෙහි ඉකිලන සුසුම් විල ගාව
තනිව කවිකම් මැවෙන සිත ගාව
සිහින සිතුවම් මැවෙන පෙරදාක
මතක ස්වරයන් නෙතට දුක ගේන
සඳේ සඳකැන් වැටුණු වැව් පාන
නෙතේ කඳුලැල් හදේ සොව පාන
දිවිය මනරම් දුකකි හැමදාම
සසරේ සැමදා තනිව කවි ගේන
✍️ සුවී