හුදෙකලාවත් කලාවක් වූ කල
පෙම මුලාවක් හදෙහි සෝ ලන
සිත කොහේවත් ඉගිල යාවෙන
කළු වළාවක් රැයෙහි පාවෙන
තනිව කවිකම් මැවෙන සිත ගාව
සිහින සිතුවම් මැවෙන පෙරදාක
මතක ස්වරයන් නෙතට දුක ගේන
සඳේ සඳකැන් වැටුණු වැව් පාන
නෙතේ කඳුලැල් හදේ සොව පාන
දිවිය මනරම් දුකකි හැමදාම
සසරේ සැමදා තනිව කවි ගේන
සුවී